ලෝකයේ ජනප්‍රියතම ප්‍රහසන නලුවකු වන රෝවන් ඇට්කින්සව් හෙවත් මිස්ටර් බීන් මියගිය බවට ව්‍යාජ පුවතක් අන්තර්ජාලයේ පැතිර යමින් තිබේ.
එහි සිරස්තලය ලෙස මෙසේ සදහන් වේ. “FOX BREAKING NEWS : Mr. Bean (Rowan Atkinson) died at 58 after car accident. -March 18, 2017.” එහෙත් එක්සත් ජනපද ෆොක්ස් නිව්ස් ආයතනය විසින් පළ කළ නිවේදනයක් මගින් තමන් මෙවැනි පුවතක් ප්‍රචාරය කර නැති බව සනාථ කරයි. නිශ්චිතවම රෝවන් ඇට්කින්සන් මියගොස් නැති අතර ඔහුගේ වයස අවුරුදු 58ක්ද නොවේ. දැනට 62 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික රෝවන් පිළිබද මින් පෙරාතුව අවථා ගණනාවකදී මෙවැනි ව්‍යාජ පුවත් මවමින් කෘර සතුටක් ලබන්නට ඇතැම් පිරිසක් කටයුතු කරන බව රෝවන්ට සමීප තොරතුරු ඇසුරෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කරයි.