தமிழ்
English
Contact
Thursday 27th July 2017    
අද රාත්‍රි සිට අඛණ්ඩ දුම්රිය වර්ජනයක්! « Lanka Views | Views of the truth

අද රාත්‍රි සිට අඛණ්ඩ දුම්රිය වර්ජනයක්!




අද (20) මධ්‍යම රාත්‍රියේ අඛණ්ඩ දුම්රිය වැඩවර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය එන්ජින් රියැදුරුවරුන්ගේ සංගමය, දුම්රිය නියාමකවරුන්ගේ සංගමය, ඒකාබද්ධව සහ තවත් සියලු දුම්රිය එන්ජින් රියැදුරු වෘත්තීය සංගම් කටයුතු කරන බව වාර්තා වේ.

දුම්රිය රියැදුරු සහායකයන් බඳවා ගැනීම, උසස් වීම් ගැටලු සහ දිගු කලක් පවතින වැටුප් විෂමතා ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගනිමින්, එම ගැටලුවලට විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය කටයුතු නොකිරීමට එරෙහිව මෙම අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඔවුහු පවසති. දුම්රිය රියැදුරු සහයකයන් බඳවා ගැනීමේදී දුම්රිය ආරක්ෂක නීති නොතකා කර ඇති බඳවාගැනීම් අත්හිටුවා අදාළ බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කර බඳවා ගැනීම් කිරීම, දීර්ඝ කාලයක් පුරා පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගැනෙ මෙම ඉල්ලීම් අතර වේ. එසේම වසර 17කින් විශේෂ ශ්‍රේණියට උසස්වීම් කර නොමැති දුම්රිය එන්ජින් රියැදුරුවරුන්ගේ ගැටලුව විසඳීම, දිස්ත්‍රික් පරීක්ෂක යාන්ත්‍රික හා සහකාර ප්‍රවාහන අධිකාරි යාන්ත්‍රික තනතුරුවල බඳවා ගැනීම් ප්‍රමාද කිරීම් එම බඳවා ගැනීම් කඩිනම් කිරීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල්කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දුම්රිය සේවක සමිති විසින් සූදානම් කර තිබේ.



Related News