අඩු වයස් දැරියන් ගැබ්ගැනීම ලග්ගල, පල්ලේගම, විල්ගමුව හා අඹන්ගග කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ඉහළ ගොස් ඇති බව මාතලේ දිස්ත්‍රීක් ළමා හා කාන්තා සංවර්ධන කමිටුවේදී හෙළි විය.
මාතලේ දිස්ත්‍රීක් මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගංගා රත්නායක එහිදී අදහස් දක්වමින් සමස්තයක් ලෙස දිස්ත්‍රික්කය තුළ පසුගිය වසරේදී අඩු වයස් ගැබ් ගැනීම් 455ක් වාර්තා වූ බව පවසයි. මාතලේ දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී දිසාපති ඩි.පි.ජි. කුමාරසිංහගේ මූලිකත්වයෙන් දිස්ත්‍රීක් ළමා හා කාන්තා සංවර්ධන කමිටුව හමුවේ අදහස් දක්වමින් වෛද්‍ය රත්නායක එසේ පැවසුවාය. දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙස සැලකෙන ලග්ගල, පල්ලේගම, විල්ගමුව හා අඹන්ගග කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ අඩු වයස් ගැබ් ගැනීම් වැඩි වශයෙන් වාර්තා විය. එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව එම ඇය වැඩිදුරටත් සඳහන් කළාය.