බැසිල් හෙට ලංකාවට…

Basil-Rajapaksha

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෙට (21) දින අමෙරිකාවේ සිට ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය ජනවාරි මස 11 දින ඔහු සිය බිරිඳ සමඟ අමෙරිකාවට පිටත්ව ගියේය.

දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මුදල් වංචා සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සඳහා ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලීසිය පසුගිය දා පැවසුවේය.

ඒ සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කරන ලදී.

බැසිල් රාජපක්ෂ පිළිගැනීම සදහා ගම්පහ දිස්ත්‍රික්කය පුරා හෙට දිනයේ උත්සව රැසක් සංවිධානය කර තිබෙන බවද එම උත්සව සදහා බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිත බවද වාර්තා වේ.

ඒ අනුව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධනගේ නිවසේ හෙට දින දිවා භෝජනයක් පැවැත්වෙන අතර ඒ සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගීවීමට නියමිත බවද වාර්තා වේ.

Share This:

Leave a Reply