බැසිල් මැයි 05 දක්වා රිමාන්ඩ්…
Posted on 04.22.2015 by Sampath in දේශීය පුවත් with 0 Comments
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක, දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ රණවක යන අය එළඹෙන මැයි මස 5 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් තීරණය කර තිබේ.
දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද (22) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනා කැදවා තිබුණි.
එහිදී ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනා අත්අඩංගුවටගත් අතර කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් අනතුරුවය.
එහිදී අදාල චෝදනා සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා එළඹෙන මැයි මස 5 වන දින දක්වා අදාළ පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
Related News