தமிழ்
English
Contact
Wednesday 27th September 2017    
කෙහෙළියටත් නොතීසි.. « Lanka Views | Views of the truth

කෙහෙළියටත් නොතීසි..



හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙකුට ලබන මස 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නොතීසි නිකුත් කර තිබේ.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කළ පැමිණිල්ලකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් 9,90,000ක් වටිණා පයිප්ප තොගයක් මිලදී ගැනීම සම්බන්ධව අදාළ පැමිණිල්ල ගොනුකර තිබුණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දී තිබුණේ අදාල මිලදී ගැනීම හේතුවෙන් අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස රූපවාහිනී සංස්ථාවට පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදුව ඇති බවයි.

එවක රූපවාහිනි සංස්ථාවේ සභාපති විමල් රුබසිංහ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ චන්ද්‍රපාල ලියනගේ යන අයටද ලබන මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.




Related News