தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
පාර්ලිමේන්තුව විනාඩි 15ට කල්තබයි - හදිසි පක්ෂ නායක රැස්වීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තුව විනාඩි 15ට කල්තබයි – හදිසි පක්ෂ නායක රැස්වීමක්



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවූ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ අත්සනින් යුතු පෙත්සමක් කථානායකවරයාට බාරදී තිබේ.

එසේ වුවද මේවන විට පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්තාවක් නිසා පාර්ලිමේන්තුව විනාඩි 15 ට කල්තබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව විනාඩි 15ට පසුව කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින්ගේ රැස්වීම පාර්ලිමේන්තුව තුළ පවත්වන බව කථානායකවරයා විසින් දැනුම්දී ඇතැයි වාර්තා වේ.




Related News