නිවාස ඉවත් කිරීමට එරෙහිව මොස්කව් නගරවාසීන්ගේ උද්ඝෝෂණයක

රුසියාවේ මොස්කව් නුවර නාගරික තට්ටු නිවාස හිමින් විසින් ඊයේ දින දැවැත්ත විරෝධතාවයක් පවත්වා ඇත.

මෙම විරෝධතාවයට හේතුවී  ඇත්තේ මොස්කව් නගරය ආසන්න පිහිටි සෝවියට් පාලන සමයට අයත් තට්ටු නිවාස කඩා ඉවත් කිරීමට එරෙහිවය.

මෙම තට්ටු නිවාස සෝවියට් පාලන කාලයේ මොස්කව් නුවර ජනයාගේ නිවාස ප්‍රශ්නය විසිදීමට ගෙන ආ වැඩ පිළිවෙලකට අනුව ඉදි කරන ලද නිවාස වේ. මෙම තට්ටු නිවාස මහල් තුණකින් හා මහල් පහකින් පමණ සමන්විතවේ.

පුටින් පරිපාලනය විසින් මොස්කව් නගරාධිපතිගේ මූලිකක්වයෙන් මෙම තට්ටු නිවාස කඩා ඉවත් කිරීමට පියවර ගනිමින් තිබේ.

මොස්කව් නගරවාසීන් එයට විරෝධය දක්වමින් පවසා ඇත්තේ මොස්කව් නගර බලධාරීන් විසින් අදාල වටිනාකම් අඩුවෙන් දක්වන බවයි. නගරවාසීන් පවසන්නේ තම දේපළවලට නියම වටිනාකමක් ලැබිය යුතු බවයත්‍, අළුතින් ඉදිවන තට්ටු නිවාසවල සියලු පහසුකම් තිබිය යුත පවයි.

එසේ නොමැතිව නිවාස ඉදිකරණ සමගම්වලට ලාභ ලැබීමේ අරමුණට පමණක් බලධාරීන් සහාය නොවිය යුතු බවයි.

Leave a Reply