ආණ්ඩුවට සහාය වෙමින් සිටින වතුකරයේ ජනයා නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6දෙනකුගේ අදහස නොතකා තොණ්ඩමන් ඇතුලු දෙනෙකු ඇමැති දී ආණ්ඩුවට එක්කරගැනීම ගැන කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් සිය නොසතුට පළ කර ඇත.
ඔහු ඊයේ(17) හැටන්, කොටගල පැවැති රැස්වීමකදී කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී වතුකරයේ ජනතාවගේ වැඩි ඡන්ද සංඛ්‍යාවක් අරන් දෙනු ලැබුවේ තමන් ඇතුළු පිරිස බව ආණ්ඩුවට අමතක විය නොහැකි බවයි. මැතිවරණ සමයේදී මැතිවරණ රැස්වීමක් හෝ පැවැත්වීමට බාධා කළ අයට ඇමති තනතුරු ලබාදුන්නොත් ආණ්ඩුව සමග එක්ව සිටින තමන් ඇතුළු හයදෙනා තීරණයක් ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.


