‘ජනකරළිය‘ 2016 නාට්‍ය උළෙල, කොළඹ විශ්වවිද්‍යාලය අසළදී
Posted on 11.05.2016 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ජනකරළිය නාට්‍ය උළෙල නොවැම්බර් 07 සිට 21 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ (ග්‍රහලෝකාගාරය අසළ) ස්ථාපනය කළ ජංගම රඟහලේදී පැවැත්වීමට නියමිතය.
ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දුන් ප්‍රථම ජංගම රඟහල 2005 වසරේදී කොළඹ නොමැඩ්ස් පිටියේ (දැන් නෙළුම් පොකුණ රඟහල පිහිටි ස්ථානයේ) ස්ථාපනය කර එම වර්ෂයේ මාර්තු 18 වැනිදා පළමුවැනි ජනකරළිය නාට්‍ය උළෙල ආරම්භ කරණ ලදී. මම රගහල් ව්‍යාපෘතිය, 2003 වසරේදී පරාක්‍රම නිරිඇල්ල සහ අභාවප්‍රාප්ත ප්‍රවීණ නාට්‍යවේදී එච්.ඒ.පෙරේරාගේ මූළිකත්වයෙන් ‘ජනකරළිය නාට්‍ය හා රංගකලායතනය‘ නමින් ආරම්භ කර දැන් වසර 13 ක් ගෙවීගොස් තිබේ. එදා සිට ජනකරළිය නාට්‍ය කණ්ඩායම රටපුරා සංචාරය කරමින් නාට්‍ය දර්ශන, තරුණ කණ්ඩායම් සඳහා නාට්‍ය වැඩමුළු, පාසල් ගුරුවරුන් සහ සිසුන් සඳහා නාට්‍ය හා රංග කලා අධ්‍යාපන වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.
ජනකරළිය සංස්කෘතික පදනම විසින් මෙම නාට්‍ය උළෙල මෙහෙයවනු ලබන්නේ ජී.අයි.ඉසෙඩ්, කෙයාර් ඉන්ටර්නැෂනල්, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය යන ආයතනවල දායකත්වයෙනි. මෙම නාට්‍ය උළෙලේ සංවිධාන කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන්නේ ප්‍රවීණ නාට්‍ය ශිල්පී දිලිප් රෝහණ විසිනි
මෙම නාට්‍ය නිර්මාණ සහ වැඩමුලුවලින් සදහා ජනකරළිය කණ්ඩායම වෙනුවෙන් පරාක්‍රම නිරිඇල්ල, සෝමලතා සුබසිංහ, කෞෂල්‍යා ප්‍රනාන්දු, චන්දන අලුත්ගේ, රංග මනුප්‍රිය, දමිත් අලුත්ගම, රාසයියා ලෝගනාදන්, රොනිකා චාමලී, සෙල්වරාජ් ලීලාවදී, අජන්ත ශාන්ත කුමාර, නිශාන්ත කුලරත්න යන කලා ශිල්පි, ශිල්පිනියන් ප්‍රමුඛ වශයෙන් දායක වී ඇත.
දිනය
|
වෙලාව
|
නාට්‍ය
|
07
|
පෙරවරු 9.30
|
පුංචි අපට දැන් තේරෙයි (ළමා නාට්‍ය)
|
සවස 6.30
|
සුරගනක් බදු පුරගනක් (බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්)
|
08
|
පෙරවරු 9.30
|
ළමා නිර්මාණකරුවන්ගේ වැඩමුලුව
|
සවස 6.30
|
චරන්දාස්
|
09
|
පෙරවරු 9.30
|
ළමා නිර්මාණකරුවන්ගේ වැඩමුලුව
|
සවස 6.30
|
හුනුවටය
|
10
|
පෙරවරු 9.30
|
රත්මලී (ළමා නාට්‍ය)
|
සවස 6.30
|
බොක්සිකෝ ඝාර් (නේපාල නාට්‍ය)
|
11
|
පෙරවරු 9.30
|
තොප්පි වෙළෙන්දා (ළමා නාට්‍ය)
|
සවස 6.30
|
වටෝලුවො සහ උලොලුවෝ (බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්)
|
12
|
පෙරවරු 9.30
|
ළමා නිර්මාණකරුවන්ගේ වැඩමුලුව
|
සවස 6.30
|
සංගීත විශේෂාංගය
|
13
|
සවස 6.30
|
රාවනේසන් (මෞනගුරු)
|
15
|
සවස 6.30
|
වෙන්කට්ටි වට්ටම් (‘හුනුවටය‘ දෙමළ නිෂ්පාදනය- බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්)
|
16
|
සවස 6.30
|
පායනිහල්
|
කල්පාන්තය
|
17
|
සවස 6.30
|
අදුර සහ එළිය, පරස්තාව, භාෂා සහ මොලී
|
18
|
සවස 6.30
|
සෙක්කුව
|
19
|
සවස 6.30
|
කෙටි නාට්‍ය
|
සීතාම්බරපට සහ අන්දර මල්
|
20
|
සවස 6.30
|
හුනුවටය
|
21
|
සවස 6.30
|
චරන්දාස්
|

‘ජනකරළිය‘ජංගම රඟහල
Save
Related News