ඇමරිකානු ජනාධිපතිවරණය හෙට (08)පැවැත්වීමට නියමිතව ඇත. මේවන විට ප්රධාන අපේක්ෂකයන්වන හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්ර්රම්ප් කරට කර තත්වයක සිටින බව එරට මැතිවරණ පිළිබදව පළවන ජනමත විමසුම්වලින් පෙන්නුම්කරයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කිරීමෙන් පසුව හිලරි ක්ලින්ටන්ට යම් ජනප්රියත්වයක් ලබාගෙන ඉදිරියෙන් සිටියත් පසුගියදා ඇයට එරෙහිව එල්ල වූ ඇයගේ ඊමේල් පණිවුඩ හෙළිවීම් හේතුවෙන් යම්ප පසු බැසීමක් ලබා ඇත. මෙම හිලරිගේ ඊමේල් සිද්ධීයද ඩොනල්ඩ් ට්රර්ම්ප්ට සිය ජනාධිපතිවරණ ප්රචාරක ක්රියාවලිය තුල යම් ප්රමාණයක වාසි සහගත තත්නැවයක්ගී නිර්සිමාණය විය.
කෙසේ වෙතත් අද වන විට අලුම ජනමත සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ හිලරි ක්ලින්ටන්ට සියයට 45ක් හා ඩොනල්ඩ් ට්රර්ම්ප්ට සියයට 44ක් ලෙස ඉතාමත් තියුණු මුහුණූවරක් ගෙන තිබෙන බවයි.
රිපබ්ලිකන් හා ඩිමොක්රටික් අපේක්ෂකයින්ගේ ඉතාම තියුණු තරගයක් මෙම ජනාධිපතිවරණ පත්ව ඇති බව මේ අනුව පෙනී යයි.
ජෝජ් ඩබ්ලිව් බුෂ්ගෙන් (කණිෂ්ඨ) පසුව මේ දක්වා රිපබ්ලිකන් ජනාධිපතිවරයකු වසර 08කට පසු පත්ව නැත. එයද මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය මෙතරම් තියුවන්නට එක් හේතුවක්ව තිබේ.
ජනාධිපතිවරණ ප්රථිඵලය ලැබෙන තෙක් කවුද ජනාධිපතිවරණයෙන් ජය ගන්නේදැයි පැවසීමට නොහැකි තත්වයක් අද වන විට මතුව තිබේ.