ධර්මසිරි රාජපක්ෂ කවියා සමුගනී!
Posted on 11.05.2016 by Chandana Sirimalwatte in කලා with 0 Comments
පාසල් ගුරුවරයකු හා සම්මානනීය කවියකු වූ ධර්මසිරි රාජපක්ෂ කලක් රෝගාතුරව හිද අභාවයට පත් විය.
1970 දසකයේ සිට විවිධ පුවත්පත් සගරා ආදියට කාව්‍ය නිර්මාණයෙන් දායක වී මෑතක් දක්වා කාව්‍යකරණයේ නියුතු විය. වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් පෑන හැසිරවූ කවි පද ගැලපූ සටන්කාමී ලේඛකයකු වූ ධර්මසිරි රාජපක්ෂ ‘ඉතිං සහෝදරවරුණේ, ශක්තියේ පුෂ්පය, සදවතුර‘ වැනි කාව්‍ය සංග්‍රහ තුලින් විශිෂ්ට කාව්‍ය නිර්මාණ සහෘදයන් වෙත ඉතිරිකර තැබීය.
65 වසරක ඇවෑමෙන් ඔහු කුරුවිට සිය නිවසේදී අවසන් ගමන් ගියේය. අවසන් කටයුතු හෙට (6) කුරුවිට, පුස්සැල්ල සුසානභූමියේදී සිදුකෙරේ.

(සේයා-හිනිදුම සුනිල් සෙනෙවි සහෘදයගේ මුහුණු පොතෙනි)
Save
Related News