එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයට අද උදෑසන භූමි කම්පාවක් සිදුව තිබේ. එම භූමිකම්පාව රිට්ටාමාපකයේ 5ක අගයක් ලෙස සටහන්ව ඇතැයි එරට භූ විද්‍ය සමීක්ෂණ ආයතනය දන්වා තිබේ.
මෙහි බලපෑම ටෙක්සාස් ජනපදයට දැනී ඇතැයි වාර්තාවේ. මෙම භූමිකම්පාවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැතත් ගොඩනැගිලි කිහිපයක් විනාශවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සතියේ පමණක් සුළු භූමිකම්පා 19ක් ඔක්ලහෝමා නගරයේ පමණක් සිදුව ඇතැයි වාර්තාවේ.