ආබාධිතයන් වුවද තමන්ට හිමිවියයුතු වරප්‍රසාද හා විශ්‍රාම වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් මාරාන්තික උපවාසයේ යෙදුණු ආබාධිත හමුදා සාමාජිකයන් කිහිපදෙනකු අද(06) සවස තුන්දෙනෙකු අසාධ්‍ය තත්වයට පත්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට ඇතුළත් කළ සෙබළුන්ගෙන් එක් අයෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර අනෙකුත් හමුදා සාමාජිකයන් රෝහලේ 41 සහ 43 වාට්ටුවල තවදුරටත් ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගේ තත්වය බරපතළ නොවන ද වාර්තා විය.මෙම හමුදා සාමාජිකයන් වසින් ඔක්තෝබර් 31 වන දින සිට කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාරාන්තික උපවාසය ආරම්භ කරන ලදී.
මේ අතර යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ රොෂාන් සෙනෙවිරත්න පනසන්නේ විශ්‍රාමික ආබාධිත හමුදා සාමාජිකයන් මේ වනවිට කොළඹ කොටුවේ පවත්වන විරෝධතා රජය අප්‍රසාදයට පත්කිරීම සඳහා සිදු කරන්නක් බවයි. 2017 වසරේ අය-වැය යෝජනාවට මෙම ආබාධිත හමුදා සාමාජිකයන්ගේ විශ්‍රාම වැටුප්වලට අදාළව ප්‍රතිපාදන වෙන්කර ඇති නිසා කොටුවේ විරෝධතාව දේශපාලන වාසිගැනීමට කරන්නක් බව නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ කියා සිටී.