මුදල් ඇමැති රවි කරුණානායකගේ අයවැය ඉදිරිපත් කිරීම් අනුව රජයේ ආදායම රුපියල් කෝටි 209,800 ක් වන අතර රජයේ වියදම රුපියල් කෝටි 272,300 ක් වේ. ආදායමන් රුපියල් කෝටි 182,100ක් බදුවලින් උපයාගන්නට ආණ්ඩුව සැලසුම්කර ඇත. එයින් භාණ්ඩ හා සේවා මත බදු මගින් උපයන්නට අපේක්ෂිත ආදායම රු. කෝටි 108,600කි. විදේශ වෙළෙදාම මත බදු අයකිරීමෙන් තවත් රු. කෝටි 40,000 උපයාගන්නට නියමිතය. ආදායම් බදුවලින් සපයාගන්නට සැලසුම් කර ඇති ආදායම රු.කෝටි 33,500කි.
මෙහිදී උද්ගතවන අයවැය පරතරය වන රුපියල් කෝටි 62,500 පියවා ගැනීම ආණ්ඩුවේ ප්රධාන අභියෝගයකි. මෙම හිගය පියැවීමට සඳහා රුපියල් කෝටි 27,200ක විදේශ ණය ගැනීම්ට සහ රුපියල් කෝටි 35,300ක දේශීය ණය ගැනීමට අපේක්ෂා කරන බව මුදල් ඇමතිවරයා පවසයි.