ඉන්දියාව ඊයේ තම මිසයිල වැඩ සටහනේ තවත් කඩ ඉමක් පසු කිරීමට සමත්විය. එරට මිසයිල වැඩ සටහනේ තීරණාත්මක අවස්ථාවක් වන කිලෝමීටර් 5000කට වැඩි ඉලක්කයකට පහර දිය හැකි අග්නි 05 මිසයිලය සාර්ථකව අත්හදා බැලීය.
අන්තර් මහද්ධීප බැලස්ටික් මිසයිල මෙතෙක් හිමිව තිබුනේ එක්සත් ජනපදය, රුසියාව, ප‍්‍රංශය, චීනය හා බි‍්‍රතාන්‍යට පමණි.
මෙම අග්නි 05 මිසයිලය ඉන්දියාව සාර්ථකව අත්හදා බැලීමෙන් පසුව ලොව අන්තර් මහද්ධීප බැලස්ටික් මිසයිල තාක්ෂණය හිමි ලොව හත්වන රට බවට ඉන්දියාව පත්විය.
වසර ගණනාවක සිට ඉන්දියාව තම අග්නි මිසයිල වැඩ සටහන සාර්ථකව කි‍්‍රයාත්මකව පවත්වාගෙන යනු ලබයි.
තම අසල්වැසි චීනය හා පාකිස්ථානය සමග පවතින එදිරිවාදාකම් ඉස්මතු කරමින් කලාපීය බලවතාගේ භූමිකාව රැකගැනීම සදහා සිය යුධ ශක්තිය දිගින්දිගටම වර්ධනය කරමින් සිටී.