ඉන්දිය ධීවරයන් විසින් ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් විනාශකාරී ලෙස සාගර සම්පත් කොල්ලකෑම හා අන්තර්ජාතික මුහුදු සීමාවේදී ලාංකික ධීවරයන් අතර ඇතිකරගන්නා ගැටුම් සම්බන්ධව සාකච්ඡා කරන්නට ගත් උත්සාහය අසාර්ථක වී ඇත.
නවදිල්ලි අගනුවර පැවැති සාකච්ඡාවලදී කිසිදු පිළිගත හැකි එකඟතාවකට පැමිණීමට නොහැකි නිසා ඊට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිතයෝ පෙරළා දිවයිනට පැමිණියහ. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී තමිල්නාඩු ධීවර නියෝජිතයන් සහ ලාංකික ධීවර නියෝජිතයන් සමග දෙරටේ රාජ්‍ය නිලධාරින් මැදිහත්ව මෙම සාකච්ඡා පැවැත්විණි. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමති මහින්ද අමරවීර, විදේශ කටයුතු ඇමති මංගල සමරවීර, ඉන්දීය විදේශ කටයුතු ඇමති සුෂ්මා ස්වරාජ් හා කෘෂිකර්ම ඇමති රාධා මොහාන් සිං ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඉදිරි සාකච්ඡාවක් හෙට(5) වැනිදා පැවැත්වීමට නියමිතය.

තමිල්නාඩු ධීවර යාත්‍රා ලංකාවේ මුහුදු සීමාවට පැමිණී අවස්ථාවක්

ඉන්දිය ධජය සහිත යාත්‍රා ලංකා මුහුදේ ධීවර අස්වනු නෙලාගැනීම

