මාධ්‍ය වලට අපිව පෙරලන්න බෑ – රනිල්

epa04881255 Incumbent Prime Minister, United National Party leader and Colombo district candidate Ranil Wickremesinghe speaks at a rally at Wattala in Colombo, Sri Lanka, 12 August 2015. Wattala is a predominantly Christian area in the suburbs of Colombo. Ranil Wickremesinghe who has suffered a series of polls defeats was appointed by incumbent President Maithripala Sirisena immediately after he defeated former President Mahinda Rajapaksa at the  January 2008 presidential election.  EPA/M.A.PUSHPA KUMARA

මාධ්‍යයේ අවශ්‍යතා අනුව ආණ්ඩු පෙරළීමට ඉඩ නොදෙන බවත්, මාධ්‍ය කෙතරම් කෑ ගැසුවත් මෙම ආණ්ඩුව අවුරුදු 5 ක් පවතින බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ල, ඉදුරන්විල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.  වත්මන් ආණ්ඩුව සිදු කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ බිඳ දැමීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බව ඔහු තවදුරටත් පැවසීය.

අතීත‍යේ දී ‍ජේ.ආර්.ජයවර්ධන හ‍යෙන් පහක බලයකින් ඡන්‍‍දය දිනූ පසු එජාපයට තනි ශක්තියක් තිබුණ නමුත් අද ආණ්ඩුව රැඳී ඇත්තේ ප්‍රධාන පක්ෂ ‍දෙකක ශක්තියකින් බව අගමැතිවරයා අවධාරණය ක‍ළේය. මෙහි විශාලතම ප්‍රශ්නය ඇත්‍‍තේ මාධ්‍යයට බවත්,  එයට ‍හේතුව වන්නේ එ‍සේ එකතු වු‍‍‍ව‍‍හොත් මාධ්‍ය වැටේයැයි ඔවුන් සිතන නිසා  බවත් රනිල් වික්‍රමසිංහ පැවසීය.

Leave a Reply