ආවා හැදුවේ ගෝඨාභය – රාජිත නැවත කියයි

rajitha-senarathne

යාපනයේ “ආවා“ කල්ලිය සමග සමස්ත හමුදාවම සම්බන්ධ බවට තමා ප්‍රකාශ නොකළ බවත්,එය නිර්මාණය කරනු ලැබුවේ  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන් බව තම ස්ථාවරය බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

පසුගිය ආණ්ඩු සමයේ ගෝඨාභය රාජපක්ෂ තමන්ට හිතවත් හමුදා නිලධාරියෙකු යොදාගෙන “ආවා“ කල්ලිය නිර්මාණය කර ඇති බව සෞඛ්‍ය ඇමතිවරයා හෙළිදරව් කළේය. ගෝඨාභය රාජපක්ෂගේ ආශිර්වාදයෙන් එක් හමුදා නිලධාරියෙකු කළ වරදක් හේතුවෙන් සමස්ත හමුදාවට හානි සිදු නොවන බව පවසන අමාත්‍යවරයා මෙවැනි කල්ලි ආරම්භ කිරීමට හමුදා නිලධාරියෙකු යොදා ගනිමින් හමුදාවට අපහාස කර ඇත්තේ  ගෝඨාභය රාජපක්ෂ මිස තමා නොවන බව පෙන්වා දෙයි. තමා මෙවැනි දේ පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන්නේ ඊට අදාළ සියලු දේ පිළිබඳ හොදින් දැනුවත් වී බව සඳහන් කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයා රෙජිනෝල්ඩ් කුරේ වැනි බොහෝ පිරිස් ගෝඨාභය භීතිකාවෙන් පෙළෙන බවද පවසයි.

Leave a Reply