ආබාධිත සොල්දාදුවන් කොළඹ කොටුවේ විරෝධතා පා ගමනක!

2016.07.25 disabled soldiers

සුබ සාධන දීමනා හා විශ්‍රාම වැටුප කපාහැරීම සම්බන්ධ විරෝධය පා ආබාධිත හමුදා සොල්දාදුවන් විසින් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබේ.

අද (25) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රියපොළ අසළදී උද්ඝෝෂණයක් ලෙස ආරම්භ කල මෙම විරෝධතා පා ගමනට දහස් ගණනක් සොල්දාදුවන් සම්බන්ධ වීය. තම විශ්‍රාම වැටුප කපා හැරීමට විරෝධය පළ කරමින් ඔවුහු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාරදීම සඳහා ඔවුන් විසින් පාගමනින් ගමන්කිරීම හේතුවෙන් කොළඹ කොටුව, ලෝටස් පාර සහ සෙරමික් හන්දිය ආසන්න ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් ඇති විය. ගැටලු සම්බන්ධව මින් පෙර කළ ඉල්ලීම් සම්බන්ධ සාධාරණ මැදිහත්වීමක් නොමැති බව ඔවුහු කියා සිටිති. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බවත්, ආබාධිත සොල්දාදුවන්ට මෙතෙක් පැවතුණු සුබසාධන කටයුතුද නතර වී ඇති බවත් පවසමින් ඔවුන් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළ බව වාර්තා විය.