සෞදි අරාබියේ සේවයකළ කාන්තාවකගේ මළසිරුරක් පෙට්ටිය දමා මුද්‍රා තබා පසුගියදිනක මෙරටට එවා තිබේ.
එරාවුර්හි පදිංචි කනපතිපිල්ලේ කුමාරි නමැති මෙම කාන්තාව වසර එකහමාරකට පමණ පෙර සෞදි අරාබිය කරා ගොස් ඇත. සැමියා හැරගිය 32 හැවිරිදි මෙම කාන්තාවට දරැවන් දෙනෙකු සිටී.
ඇය සේවය කරන නිවසේදී පහරදීම් හා හිරිහැර සිදුවන බවට දුරකථනයෙන් දන්වා ඇති අතර පෙබරවාරි මසදී ඇය මියගිය බවට තානාපති කාර්යාලය මගින් දන්වා තිබේ. මෙම කාන්තාව මියගිය බවට හෙළිවී ඇත්තේ මහල් නිවාසයකින් දුර්ගන්ධයක් පැතිරයාමෙන් පසුව කළ පරික්ෂා කිරීමකින් පසුවය. මියගිය කාන්තාවගේ සිරුර බෑගයක දමා තිබී ඇති අතර ඇගේ ඇදුම්ද බෑගයක දමා අසළින් දමා තිබී ඇත.