ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහ පහරදීමක් හේතුවෙන් තුවාල ලබා ඇති රෝහල් ගත කර තිබේ.
සිය සැමියා විසින් සිදුකළ බව පැවසෙන පහරදීමක් හේතුවෙන් සුසන්තිකා ජයසිංහ ගම්පහ රෝහලේ 8 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සුසන්තිකාගේ සැමියා වැලිවේරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


