වේගපන්දු ක්‍රිඩක ෂමින්ද් එරංග හදිසි හෘදයාබාධයක් හේතුවෙන් එංගලන්තයේදී රෝහල්ගත කර ඇත.
නොටින්හැම්හිදී පැවැත්විමට නියමිත ජාතයන්තර එක්දින තරගයට දින දෙකක් තිබියදී මෙම තත්වය ඇතිවීම ශ්‍රී ලංකා කන්ඩායමට අවාසිදායක බව ක්‍රිකට් විචාරකයෝ පවසති. ධම්මික ප්‍රසාද් හා දුස්මන්ත චමීර යන ක්‍රීඩකයන්ගේ අඩුපාඩුව පිරිමසන්නට සිටි ක්‍රීඩකයකු ලෙස ෂමින්දගේ දායකත්වය ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍යව තිබේ. ඔහුගේ ඉරියව් පිලිබද සැකයක් නිසා සද්රදා (20) ලොබරෝ විශ්වවිදයාලයේ දී විශේෂ පරික්ෂනයකට මුහුණදීමට නියමිතය. පන්දු යැවීමේ පරික්ෂනයේදී ඔහුගේ බාහුව අංශක 15ට වඩා නැමෙන බව සනාථ වුවහොත් ඔහු තරගාවලියෙන් ඉවත්කිරීමේ අවදානමක් තිබේ.


