ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපට අදාලද? පත‍්‍රිකා බෙදා හැරීම කොළඹදී.
Posted on 06.21.2016 by Nishshanka in දේශීය පුවත් with 0 Comments
ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපට අදාළද? යනුවෙන් පත‍්‍රිකා බෙදා හැරීම 20 දා සවස කොළඹ කොටුවේදී සිදුවුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් මෙලෙස පත‍්‍රිකා බෙදා හැරීම සඳහා වාමාංශික දේශපාලන පක්ෂල වෘත්තිය සමිතිල ශිෂ්‍ය සංවිධානල කලාකරුවන් ආදී පිරිසක් එකතු වී සිටියා.
මෙම අවස්ථාවට සම්බන්ධ වූ ක‍්‍රියාකාරීන් කිහිපදෙනෙක් මෙම විරෝධතා ව්‍යාපාරය පිළිබඳ ඔවුන්ගේ අදහස් දක්වූවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව

https://www.youtube.com/watch?v=m4-sW_Je9C0
මේ පාලනය දහසක් පොරොන්දු දීල බලයට ආවේ නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඒ පොරොන්දු ඉටු කරලා නෑග දේශපාලන සිරකරුවන් නිදහස් කරලා නෑ. රටේ ජනතාව මර්දනය කරන්න ගෙනාපු නීති අහෝසි කරලා නෑ. ඒ වගේම කුමාර් ගුණරත්නම් සහෝදරයා සිර ගත කරලා රටේ දේශපාලනය කරන්න තියෙන අයිතිය ගැන සංඥාවක් දීලා තියෙනවා. ඒ නිසා අපි අද දිනයේ කොළඹදී මෙම පත‍්‍රිකා බෙදා හැරීම කරනවා. ඉදිරි දිනවලදී යාපනය ආදී රටේ ප‍්‍රධාන නගර වලදී මේ පත්‍රිකා බෙදා හැරීම සිදු කරනවා. ඒවගේම රට පුරා සම්මන්ත‍්‍රණ වටයක් පවත්වනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව
ආණ්ඩුව කියනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රශ්නය විසඳලා තියෙන්නේ කියලාග ඒක හරියට සීතාම්බර සළුව වගේ. අපි කියනවා ආණ්ඩුව හෙළුවෙන් කියලා. බොහෝ දෙනෙක් මේ ආණ්ඩුවෙන් යන්තම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබුණා කියලා. නමුත් කම්කරු අයිතීන් කප්පාදු කරන්න නීති ගේනවා. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට තවත් පනත් තුනක් ගේනවා. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබිලා නෑ. ඒ නිසා ඒක දිනාගන්න තමයි වාමාංශික පක්ෂල වෘත්තිය සමිතිල ශිෂ්‍ය සංවිධානල සිවිල් සංවිධානල කලාකරුවන් එකතුවෙලා මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ.
එක්සත් කම්කරු සම්මේලනයේ ලීනස් ජයතිලක
කාලෙකට පස්සේ අපි ඒකාබද්ධ අරගලයක් ආරම්භ කරලා තියෙනවා. නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ වත්මන් ආණ්ඩුව මවපු සෝබන ලෝකයට එරෙහිවල එයින් කෙලෙසෙන්නාවූ තත්වයන් පිළිබඳවයි මේ විරෝධතාව අපි ආරම්භ කරලා තියෙන්නේ. වෘත්තිය සමිති ව්‍යාපාරය විධියට අපි මීට සම්බන්ධ වෙනවා. සියලූ දේශපාලන සිරකරුවන් නිදහස් කරනුල උතුරේ දකුණේ සියලූ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා අපි කියනවාග ඒ වගේම අපි පැහැදිළිව කියනවා. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්නේ නැතිව කිසිම නිදහසක් මේ රටේ නිදහසක් ලැබෙන්නෑ. ඒ වගේම කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ දේශාපලන අයිතිය. මොන මර්දනට මුහුණ දිල හරි ලංකාවෙන් පිටුවහල් වූ අයට නිදහස දෙන්න ඕන. තෝරාගත්ත අයට විතරක් නෙවෙයි. නිර්ධනයින් වෙනුවෙන් පෙනී හිටපු බිම් මට්ටමේ ශක්තිමත් ක‍්‍රියාදරයෙක් වූ ඔහුටත් ඒ අයිතිය තියෙන්න ඕන.
සමාජවාදී පක්ෂයේ මහින්ද දේවගේ

මූලික ඉල්ලීම් තුනක් මූලික කරගෙනයි අපි මේ උද්ඝෝෂණය ආරම්භ කළේග ආණ්ඩුව දන්නවා ජීවත් වෙන්න බැරිල කම්කරුවෝ ගොවියෝ ශිෂ්‍යයෝ උද්ඝෝෂණයේ යෙදෙනාවා ඒවා මර්දනය කරන පාලකයන්ගේ නිරුවත සමාජයට හෙළිදව්කරන්නයි අපි මේ විරෝධතාව දක්වෙන්නේ. පහුගිය රාජපක්ෂ පාලකයකා වගේමයි මේ පාලකයත් කටයුතු කරන්නේ, වාමාංශීක දේශපාලන පක්ෂල වෘත්තිය සමිතිල ප‍්‍රගතිශීලී ජනයා එකතු කරගනිමින් අපි මේ උද්ඝෝෂණයට රට පුරා ගෙනයනවා.
ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්

https://www.youtube.com/watch?v=upYXJdLJCP8
ජනවාරි 08 වෙනිදාත් අගෝස්තු 17 වෙනිදාත් මේ රටේ වෙනසක් වුණා කියලා කියනවා. නමුත් තවමත් ශිෂ්‍ය උද්ඝෝෂණ වලට පහර දෙනවාග අධිකරණ නියෝග ගේනවා. මහා පරිමාණ දූෂකයන් නිදහසේ ඉන්නවා. ඒ නිසා මේ තත්වය දිගටම පවතිනවා නම් අපිට සිදු වෙනවා මේ විධියට එකතුවෙලා විරෝධය දක්වන්න.
ප‍්‍රැක්සිස් සාමූහිකයේ සුමිත් චාමින්ද

අද අපි මේ ඉදිරිපත් කරලා තියෙන ඉල්ලීම් කියන්නේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවදී අයිතීන්. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමල කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ පුරවැසි අයිතිය, මර්දන නීති අහෝසි කරනු කියන්නේ ඒවා. නමුත් ඒවාවත් තහවුරු කරන්න මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ ප‍්‍රශ්න වෙනුවෙනුත් අරගල කරන්න සිදු වෙලා තියෙනවා කියන්නේ ජනවාරි 08 වෙනිදා සිදු වුණා කියන විප්ලවයකින් පස්සේයි මේ රටේ ජනතාවට තමන්ගේ මූලික අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ විධියට අපි රට පුරා මේ විරෝධතාව රැගෙන යනවා.
Related News