පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ශිෂ්‍යාධාර ලබා දෙන ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
ඔවුන් පවසන්නේ ශිෂ්‍යාධාර ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 40%කින් පමණ අඩු කිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කර ඇති බවය. මුලින් මසකට රුපියල් 500කව තිබු ශිෂ්‍යාධාර වාරිකය 2015 අයවැය මගින් රුපියල් 1500 දක්වා වැඩි කිරීමට යෝජනා විය.
මුලින් 5,000කව තිබු ශිෂ්‍යාධාර ලබා දෙන ශිෂ්‍ය සංඛ්‍යාව පසුගිය කාලයේ ආණ්ඩුවලට කළ බලපෑම් හරහා 25,000 දක්වා වැඩි කර තිබූ අතර නැවතත් එය 15,000 දක්වා පහත හෙලීමට ක්‍රියාමාර්ග ගනු ඇතැයිලංකා ගුරු සංගමය පවසයි.
දැනට ලැබෙන ශිෂ්‍යාධාරයද සිසුන්ට නිසි වෙලාවට නොලැබෙන බවට විවේචනයක් තිබේ. පහ වසර ශිෂ්‍යත්ව විභාගය මුලින් ආරම්භ කළේ අඩු ආදායම්ලාභී පවුල් වල දක්ෂ දරුවන්ට උපකාර කිරීමේ අරමුණෙන් වුවත් දැන් එය ජනප්‍රිය පාසල් සඳහා වන තියුණු තරඟයක් බවට පත්ව තිබේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් 3,33,672ක ප්‍රමාණයෙන් 31,853ක් දිස්ත්‍රික් කඩයිම් ලකුණු ප්‍රමාණය ඉක්මවා ගොස් තිබේ. ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් ගණන 2,54,690ක් බව ජනරළ වාර්තා කරයි.
මධුරි මුණසිංහ