தமிழ்
English
Contact
Wednesday 8th November 2017    
වැසි ‍හේතු‍වෙන් දිස්ත්‍රික්ක 08 නාය යෑම් හා පස්කදු කඩා වැටී‍මේ අවදානමක් « Lanka Views | Views of the truth

වැසි ‍හේතු‍වෙන් දිස්ත්‍රික්ක 08 නාය යෑම් හා පස්කදු කඩා වැටී‍මේ අවදානමක්



දිවයිනේ ප‍්‍රදේශ ගණනාවකට තවදුරටත් අඛණ්ඩව වැසි පැවතියහොත් පහත සදහන් දිස්ත්‍රික්ක 8ක නායයෑමේ සහ පස් කඳු කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මේ අනුව හම්බන්තොට, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කළුතර, රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්කවල මෙලෙස නායයෑමේ තර්ජනය තදින් මතුවිය හැකි බව එම සංවිධානය  එම ප්‍රදේශවල ‍වෙ‍සෙ‍න ජනතාවට ‍වෙත ‍මේ පිළිබදව අවධාරණය කරයි.

මෙම තත්වය බලපැවැත්වෙන්නේ ඊයේ රාතී‍්‍ර සිට ඉදිරි පැය 24 සඳහායි යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා ඇත. ඉහත සදහන් දිස්ති‍්‍රක්ක වල වෙසෙන ජනතාවගේ අවධානය මේ කෙරෙහි යොමු විය යුතු බව එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙමින් මෙම නායයෑමේ අවදානම ඇතිවීමට ඉඩ ඇතැයි ප්‍රකාශයට පත්කර ති‍බේ.




Related News