தமிழ்
English
Contact
Thursday 9th November 2017    
ගුටි දුන්නාට වැව සුද්ද කරනවාලු « Lanka Views | Views of the truth

ගුටි දුන්නාට වැව සුද්ද කරනවාලු



හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ ජල සම්පත දුෂණය වීමේ ගැටළුවට විසඳුමක් ලෙස බඳගිරිය වැවේ ජලය පිරිසිදු කිරීමට තමන් තීරණය කළ බව  ජාතික  ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ප්‍රදේශවාසීන් සහ නිලධාරීන් අතර ඔක්තෝබර් 14වැනිදා පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම් දෙනු ලැබීය.

සිය ජාල මූලාශ්‍ර දුෂණය වීම නිසා ප්‍රදේශය පුරා වකුගඩු රෝග වසංගතයක් පැතිරෙන බවට චෝදනා කරමින් පසුගිය 12 වනදා කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට – පල්ලෙමලල මංසන්ධියේ පැවැත්වුණු විරෝධතාවයකට පොලිස් මර්දනය එල්ල විය. එහිදී ඇතිවූ ගැටුමෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු ඇතුලූ 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකරණ ලදී.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එදිනම රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.බඳගිරිය ප්‍රදේශය මුහුණ පා තිබෙන ගැටලුව ජලය දුෂණය වීම වන අතර බලධාරීන් විසඳුම ලෙස යෝජනා කර ඇත්තේ ජල දුෂණය එලෙසම පවතිද්දී ජනතාවට පරිහරණය සඳහා පවිත්‍ර කරන ලද ජලය ලබා දීමයි.

කෙසේ වෙතත් ප්‍රදේශයේ ජලය දුෂණය වීමට හේතු සොයා නොබලා අතීසාරයට අමුඩ ගසන ආකාරයේ විසදුම් නිසා ඉදිරියේදී පරිසර ප්‍රශ්න තවත් උග්‍ර වනු ඇතැයි ජනරළට අදහස් දැක්වූ පරිසරවේදියෙකු පවසා ඇත.

වජිර තෙන්නකෝන්




Related News