රතු කුරුසේත් ලිංගික අල්ලස් ඉල්ලලා

red cross

ඉන්දියානු ආධාර මත දියත් වන නිවාස යෝජනා ක්‍රමයෙන් ස්ථිර නිවසක් ලබා දීමට ශ්‍රී ලංකා රතුකුරුස කමිටුවේ නිලධාරියෙකු ලිංගික අල්ලසක් ඉල්ලු බවට කිළිනොච්චියේ මුලංගාවිල් ප්‍රදේශයේ පදිංචි එම කාන්තාවක් පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ.

ඇය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රතුකුරුස කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැමිණිලි කොට තිබේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා රතුකුරුස කමිටුවේ මාධ්‍ය කළමනාකරු මහේෂ් යමි මාධ්‍ය වලට පවසා ඇත්තේ එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දැනට කර ගෙන යන බවත්ය.

පසුගිය කාලයේ ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීම් ගණනාවක් වාර්තා වූ අතර ඒවායෙන් බහුතරය දරුවන් පාසල් වලට ඇතුලත් කරගැනීම හා සම්බන්ධ බව ජනරළ වාර්තා කරයි.

ප්‍රසන්න ජයවීර

Leave a Reply