මෙක්සිකෝවේ ප්‍රධාන ගුරු වෘත්තීය සංගමය වන (සී.එන්.ටී.ඊ) විසින් පවත්වන දැවැත්ත විරෝධතාවයකට එරට පොලීසිය විසින් වෙඩි තැබීම හේතුවෙන් ගුරුවරු 06 දෙනෙකෙු මිය ගොස් තවත් සීයකට ආසන් පිරිසක් තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ සිදුව ඇති මෙම වෙඩි තැබීම හේතුවෙන් දෙපාර්ශවය අතර ඇවිල ගිය ගැටුම හේතුවෙන් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
මෙම ගුරු විරෝධතාවයට හේතුවන්නේ 2013 වසරේ සිට ආරම්භ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව එරට ප්‍රධාන තම ගුරු වෘත්තීය සංගමය වන(සී.එන්.ටී.ඊ)විසින් දියත් කරනු විරෝධතාවයන්ය. මෙම විරෝධතාවයන් පසුගිය වසර කිහිපය තුලම අවස්ථා කිහිපයකම ඇවිල ගියේය. නැවතත් පසුගිය දින මෙම විරෝධාවයන් උත්සන්න වූයේ එරට ආරක්ෂක අංශ විසින් ඉහත වෘත්තීය සංගමයේ ප්‍රධානීන් දෙදෙනෙකුව බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීමත් සමගය.
පසුගිය සතියේ මෙම අත්අඩංගුවට ගැනීමත් සමග එරට ප්‍රධානතම වෘත්තීය සිමිති හා සිසුන් විසින් මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව දකුණු මෙක්සිකෝවේ සිට මෙක්සිකෝ අග නගරය දක්වා දිවෙන ප්‍රධානතම මහා මාර්ගය අවහිරකරමින් මාර්ග බාදක දමා ඇත. ඉන් පසුව ඔවුන් තම වෘත්තීය සිමිති නායකයන් වහාම නිදහස් කරන ලෙස බලකරමින් දැවන්ත විරෝධතාවයක් ආරම්භ කලහ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිවන ක්‍රියාකාරීන්ට එරෙහිව එරට පාලකයන් විසින් දේශපාලන පළිගැනීම් කරමින් බොරු චෝදනා එල්ලකොට අත්අඩංගුවට ගැනීම් වහාම නතර කරන ලෙසත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව නැගී එන විරෝධතාවයන් මර්දනය කිරීම වහාම නතර කරන ලෙසත් එරට බහුජන සංවිධාන හා සෙසු වෘත්තීය සංගම් රජයට අනතුරු අගවා ඇත.


