මාළඹේ වෙද කඩේට එරෙහිව, අන්තරෙන් අත්සන්ගනී

iusf-sri-lanka

මේවන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ලබන වසරටත් නවක සිසුන් බඳවා ගනිමින් තිබීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කටයුතු කරයි.

එහි එක් පියවරක් ලෙස ඊයේ (16) කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේදී පැවැත්වියග එහිදී සරසවි ශිෂ්‍ය නියෝජිතයින් පිරිසක් විසින් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් ලෙස අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් ව්‍යාපාරයක් දියත් කොට තිබුනි.

මේවන විට ලක්ෂ 110 ක මුදලකට වෛද්‍ය උපාධිය අලෙවි වෙමින් තිබෙන්නේයැයිද නමුත් පසුගියදා එමආයතනයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියදීම ප‍්‍රතික්ෂේපකර තිබියදී ජනතාව නොමග යවමින් මෙසේ නවක සිසුන් බඳවාගැනීමට කටයුතු කරන බවත් නීති විරෝධීව එසේ කටයුතු කිරීමට එරෙහිව ඉදිරියේදී අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කටයුතු කරන බව එහිදී පැවසීය.

පසුගිය රාජපක්ෂ පාලනය කාලය තුලදී 2009 වසරේ සිටම මෙම වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වූ මුත් පැවැති රජය එය ආරක්ෂා කරගැනීමේ යෙදී සිටිය බවට බල මණ්ඩලයේ සාමාජිකයෝ චෝදනා කරති.

ශ්‍රීලංකා වෛද්‍ය සභාව වත්මන් රජයේ ජනාධිපතිවරයාව සහ අගමැතිවරයාව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබියදී පවා නවක සිසුන් බඳවා ගැනීමට දිගින් දිගටම කටයුතු කෙරෙමින් තිබීම ගැටළුකාරී තත්වයක් බවත් රජය එය වැළක්වීමට කටයුතු නොකරන්නේනම් එම තත්වයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය නැගී සිටින බවද වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply