බස්රථ හා අනෙකුත් ප්‍රවාහන සේවක වර්ජනය අද දින සාර්ථක වීමත් සමග හවුල් පාලනයේ වෛර සහගත ප්‍රතිචාර මතුවෙමින් තිබේ.
පෞද්ගලික බස් හිමියන් විසින් ආරම්භ කර ඇති බස් වර්ජනය හෙට දිනයේදීත් ඔවුන් ක්‍රියාත්මක කිරීමට අද (02දා) සවස පැවැති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කරන ලදී. අද දින බස් වර්ජනය අතරතුර ස්ථාන ගනනාවකදී බස් රථවලට පහරදීම සිදු විය. එසේම මීගමුව හලාවත මහාමාර්ගය හා දුම්රිය මාර්ගය අවුරා කල විරෝධතා නිසා ගමනාගමනයට බාධා එල්ල විය. අවසානයේ රාත්‍රි දුම්රිය හා මහාමාර්ග විවෘත කරන්නට එම විරෝධතා විසුරුවන්නට පොලිසියට කදුලු වායු ප්‍රහාර එල්ල කරන්නට පවා සිදු විය.
ඊයේ රාත්‍ර බස්වර්ජනය ක්‍රියාත්මක කරන බව ප්‍රසිද්ධ කාරනයක් වී තිබුනද ආන්ඩුවේ බලධාරින් එය එතරම් ගණනකට ගන්නා බවක් දක්නට නොලැබිනි. එහෙත් දිවයින පුරා බස් රථ වර්ජනය බලපැවැත්වූ නිසා ආණ්ඩුවේ මුල් ස්ථාවරය බිද වැටෙමින් ආ්ඩුවේ ඇමැතිවරු සහ වෙනත් අය යම් ප්‍රකෝපකාරී පිලිතුරු දෙමින් සිටී. රජය රජයක් ලෙස ක්‍රියාත්මක වෙමින් බස්රථ වර්ජනයට හේතු වූ දඩ මුදල් ඉහළ දැමීම එගලසම ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසයි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේ නව බස්රථ හිමියන්ට බලපත්‍ර ලබාදිමට කටයුතු කළ යුතු බව තමන් ආන්ඩුවට යෝජනා කරන බවයි. එසේම දිනපතා අනතුරැවලින් මියයන අහිංසක ජනතාව වෙනුවෙන් නීතිය බලාත්මක කිරීමට වැඩ කරනවා මිස වර්ජකයන් නිසා දඩ මුදල් අවප්‍රමාන නොකරන බව මුදල් ඇමැති රවි කරුනානයක කියා සිටී. නීති හතක් සම්බන්ධයෙන් පැනවූ රු 25000ක දඩය අවශ්‍යනම් එක් වරදක් සම්බන්ධයෙන් වෙනස් කළ හැකි බව පමසන මුදල් අැමැති රවි කරුණානායක නිතිය ක්‍රියාත්මක කරන බවත් වර්ජනයෙන් ඉවත් නොවන්නේ නම් අලුත් බලපත්‍ර ලබාදෙන බව අවධාරනය කරයි.
මේ අතර බස් රථවලට ඇතුළු රජයේ දේපළ වලට හානි කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. බස්වර්ජනය ක්‍රියාත්මක වෙමින් සිටින විට රජයේ දේපළවලට හානි කළ පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. ආන්ඩුවට පක්ෂපාත ලෙස වර්ජනයෙන් ඉවත් වන බව කී ගැමුනු විජේරත්න ද පැවසුවේ වර්ජනය කුමන්ත්‍රනකාරි කටයුත්තක් නිසා එය මර්දනය කළ යුතු බවයි.