බර්ලින් නගරෙය් ට‍්‍රක් ප්‍රහාරයක්- 12 මියයයි, තවත් 48ට තුවාල.

ඊයේ ජර්මනියේ බර්ලින් අගනගරයේ පිහිටි නත්තල් සල්පිලක් තුලට ත‍්‍රස්තවාදීන් විසින් ට‍්‍රක්රථයක් කඩා වැදීමට සලස්වා එහි සිටි පිරිසෙන් 12 දෙනෙකු මියගොස් ඇති අතර තවත් හතලිස් අට දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

පසුගිය වසරේ ප‍්‍රංශයේ පැරිස් නුවර ට‍්‍රක් රථයක් මිනිසුන් යට කර ධාවනය කළ අන්දමට
මෙම නත්තල් සමයේ සිය අවශ්‍යතාවයන් සදහා සුපිරිවෙළදසැල් වෙත පැමිණ සිටින ජනතාව ඉලක්කර මෙම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සැලැසුම් කර ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.

යුරෝපයට එළැඹෙන නත්තල් සමයේදී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවනු ඇති බවට ද මෙයට පෙර එම රටවල බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබිනි. එසේ තිබියදී ඊයේ මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය ජර්මන් අගනුවර සිදුව ඇත.

සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගත් නමුත් පසුව මියගොස් ඇත. අනෙක් සැකකරුද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. මොහු ට‍්‍රක් රථය පදවාගෙන පැමිණි සැකකරු ලෙස සලකනු ලබන බව එරට පොලීසිය පවසයි.

Save

Save

Save

Save

Save

Leave a Reply