ප‍්‍රංශ පනාධිපති ලෙස මැක්රෝන් දිවුරුම් දෙයි

ප‍්‍රංශයේ නව ජනාධිපතිවරයා ලෙස එමානුවෙල් මැක්රොන් අද දින දිවුරුම් දුන්නේය.

පසුගිය ඉරිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජය ගත් මැක්රෝන් සිය දිවුරුමුදීමේදී මෙන් පසුව කරන ලද කතාවේදී පවසා ඇත්තේ ලෝකය තුල නැවත ප‍්‍රංශ්‍යට හිමිය යුතු ස්ථානය ලබා ගැනීමට තමා සිය ධූරකාලය තුල කටයුතු කරන බවයි.

නමුත් මේ වන විට ප‍්‍රංශයේ පවතින විරුකියාව හා දුර්වල ආර්ථික වර්ධනය හේතුවෙන් සිය අභිප‍්‍රාය ඉටු කර ගැනීමේ සැබෑ අභියෝගයක් මැක්රෝන් ජනාධිපතිවරයා වෙත එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දේ.

ප‍්‍රංශ ජනාධපතිවරුන් අතරින් ලාබාලම ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ මැක්රොන්ය.

Leave a Reply