නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කාන්තාවක් මිය යාම සැකයි!

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ගත් 35 හැවිරිදි කාන්තාවක් අද (23) දින හදිසියේ මිය යාම පිලිබද ඥාතිහු රෝහලට චෝදනා කරති.

දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි ඉරේෂා මධුමාලි නමැති මෙම කාන්තාව උදරයේ ආබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇත්තේ පසුගිය 20 වැනිදාය. විවාහ වී වසරක් පමන ගතවීමෙන් පසු ඇගේ ප්‍රජනක පද්ධතියේ‍ෙ ගැටලුවක් හේතුවෙන් මෙසේ රෝහල්ගත කළ බව සැමියා පවසා තිබේ. ශල්‍යකර්මයකට භාජනය කිරිමෙන් පසුව රෝගි කාන්තාවගේ තත්වය දුර්වල වීමෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව නෙවිල් ප්‍රනාන්දු රෝහල් බලධාරින් කාන්තාවගේ සැමියාට දන්වා ඇත.  ඊයේ වනවිට ඇගේ තත්වය හොද අතට හැරෙන බව කීවද පැය කිහිපයකින් ඇය මියගිය බව ඔහුට දන්වා තිබිණි.

මින් පෙර මහරගම පාසල් දරුවකු වූ කවීෂ  ඕෂධ වික‍්‍රමරත්න නමැති දරුවකු 2014 මැයි මසදී නෙවිල් ප්‍රනාන්දු රෝහලදෙී මියයාමෙන් පසුවද මෙවැනි චෝදනා එල්ල විය. රෝගී දරුවා පිළිබද වගකීමෙන් කටයුතු කර නැති බවට සාධක සහිතව චෝදනා එල්ල වූ අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ එම චෝදනා පිළිබද වගකිවයුතු අංශ කළ මැදිහත්වීම ප්‍රමාණවත් නොවීය. සයිටම් නමැති නීති විරෝධී ආයතනයේ වෛද්‍ය විද්‍යාව හදාරන පිරිසගේ අවශ්‍යතා සදහා මෙම හෙල ඇතිකරන ලද බව කීවද එවැනි පුහුනුකිරීම් සදහා මෙම රෝහල රජයේ වෛද්‍ය සභාවෙන් අනුමැතිය ලබා නැත.

Leave a Reply