පසුගිය සඳුදා සිට ආරම්භ කර තිබූ කෑම වර්ජනය තාවකාලික අවසන් කිරීමට අත්අඩංගුවේ පසුවන දමිළ දේශපාලන රැඳවියන් ඊයේ තීරණ කර තිබේ.
වසර ගණනාවක සිට විවිධ බන්ධනාගාර තුල චෝදනා සහිතව හා චෝදනා රහිත රඳවා සිටින සිය ගණනක් වන දේශපාලන රැඳවියන් තමන්ව වහාම නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ කෑම වර්ජනයක නිරතව සිටි අතර එම තත්වය ඇතිවන තෙක් මෙතෙක් කල් රඳවා සිටින දේශපාලන රැඳවියන් පිළිබදව නිසි අවධානයක් බලධාරීන් විසින් නොදැක්වීය.
මෙම කෑම වර්ජනය කිරීමේ කි්රයාමාර්ගය හේතුවෙන් මෙතෙක් කළක් අමතක කර සිටි දේශපාලන රුඳවියන් පිළිබදව සමාජ අවධානය නැවත යොමුවන්නට විය.
පසුගිය 14 වන දින සම අයිතිය වය්යාපාරය කොළඹ කොටුව දුම්රියපොල අසල සත්යග්රහයක් ආරම්භ කරමින් ඒ සදහා නැවත සමාජය තුල අවධානය යොමුකිරීමටත් එදිනම මෙම දේශපාලන රැඳවින්ගේ ප්රශ්නය ගැන නිසි අවධානය යොමු කළ යුතු බව දන්වමින් ජනාධිපතිවරයාට සංදේශයක් භාරදී තිබුනි.
මෙවන් පසුබිමක වත්මන් හවුල් ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරයා ප්රකාශ කර තිබුනේ දේශපාලන රුඳවියන් යනුවෙන් පිරිසක් මෙරට දැන් නොමැති බවකි.
නමුත් පසුගිය ජනධිපතිවරණයට පෙරත් පසුගිය මහ මැතිවරණයට පෙරත් එවකට විපක්ෂයේ සිටි උදවිය දේශපාලන රැඳවියන් සම්බන්ධයෙන් තමන් බලයට පැමිණි වහාම කඩිනම් කි්රයාමාර්ග ගන්නා බවට විවිධ පොරොන්දු ලබා දී තිබුනි.
නමුත් ඔවුන් බලයට පැමිණියාට පසුව මෙරට දේහපාලන සිරකරුවන් හෝ රුඳවියන් නොසිටින බව ප්රකාශ කලේය. කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් තුල දමිල දේශපාලන රුඳවියන්ගේ කෑම වර්ජනය හේතුවෙන් නැවත රැඳවියන්ගේ ප්රශ්නය කරලියට පැමිණ අතර එතෙක් දේශපාලන රැඳවියන් නොමැති බව ප්රකාශ බලධාරීන් දැන් පවසන්නේ ලබන නොවැම්බර් මස 07 වැනි දිනට පෙර මේ පිළිබදව රජයේ තීරණය දන්වන බවකි.
ඊයේ ජනාධිපතිවරයාගේ අවධානය මේ කරැණු සම්බන්ධව යොමුවීමත් එම තීරණය විපක්ෂ නායක ආර්. සම්බන්ධන් විපක්ෂ නායකවරයා විසින් මැගසින් බන්ධනාගාරයේ උපවාසයේ නිරත රැඳවියන් වෙත දන්වා සිටීමෙන් පසුව උපවාසයේ නිරත රැඳවියන් තම උපවාසය තාවකාලිකව නතර කිරීමට තිරණය කර ඇත.
මෙවරවත් රැඳවියන්ගේ අභිලාෂය ඉටු කිරීමට වත්මන් හවුල් ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කරනු ඇතැයි රැඳවියන්ගේ පවුල්වලට සම්බන්ධ අය අපේක්ෂාවෙන් සිටී. එම අපේක්ෂා ඉටුවනුදැයි කියා ලබන මස 07 වැනි දින තෙක් බලාසිටින්නට ඔවුන්ට සිදුවනු ඇත.
මේ පොරොන්දුවත් ප්රශ්නය උග්රවීම නිසා දෙනු ලැබූ තාවකාලික උත්තරයක්ද එසේ නැතිනම් සිය ගණනක් වන දේශපාලන රුඳවියන්ගේ ප්රශ්නය විසඳීම සදහා වන අවංක උත්සායක ඇරඹුමක්දැයි තව දෙසතියකින් තීරණවනු ඇතැයි අප විමසිල්ලෙන් සිටිමු.