දැනට පුරප්පාඩු වී ඇති එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තනතුර සඳහා හමුදා නිලධාරියෙකු පත් කිරීමට ආණ්ඩුව සැරසෙන බව වාර්තා වේ.
එම තනතුර සඳහා පත් කිරීමට නියමිතව ඇත්තේ දැනට දකුණු ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවය කරන මේජර් ජෙනරාල් උභය මැදගොඩය.
උභය මැදගොඩගෙන් පුරප්පාඩු වන ධුරයට දැනට කිලිනොච්චිය ආරක්ෂක මූලස්ථානයේ සේවය කරන මේජර් ජනරාල් සුදන්ත රණසිංහ පත්කෙරෙනු ඇති අතර කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ලෙස මේජර් ජනරාල් අමල් කරුණාසේකර පත්කිරීමට යෝජනා වී තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා හමුදා නිලධාරීන් පත් කිරීමත් සියලු ක්ෂේත්‍ර මිලිටරීකරණයත් පිලිබඳ පසුගිය ආණ්ඩුවට විශාල විවේචනයක් එල්ල වී තිබු අතර වත්මන් ආණ්ඩුවද එම මාර්ගයේම යන බවට මෙවැනි සිදුවීම් හරහා ඉඟි පහල වී තිබෙන බව ජනරළ වාර්තා කරයි.
වජිර තෙන්නකෝන්