රට තුළ පවතින ජනඝාතක සංස්කෘතිය මේ රටේ දේශපාලනයෙ ප‍්‍රකාශණයක් බවත් එක් එක් කොමිසම් හෝ මුහුණු මාරු කර එය නවතාලිය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත පවසයි. එසේම ජනාධිපතිවරයා කුමක් කීවත් පොලිසියෙ පහළ නිලධාරින් මත වගකීම පටවනවා මිස, පවතින දේශපාලන අධිකාරියටත් මේ ප්‍රශ්නය විසදිය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය.
චමීර කොස්වත්ත මේ අදහස් පළ කළේ, යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු පසුගියදා පොලිස් වෙඩිතැබීමකින් මරණයට පත්වීම සම්බන්ධ විරෝධය ප‍්‍රකාශ කිරීම පිනිස ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ’ (Campaign for Democracy) සංවිධානය විසින් අද (23) පැවැත්වූ ජනමාධ්‍ය සාකච්ඡාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත මෙසේ කීවේය.
“මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අභිලාෂයක් පසුගිය කාලයේ විවිධ ස්වරූපයෙන් මතු වුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙස ආණ්ඩු පෙරලියකුත් සිදු වුණා. දැන් එතකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද අභිලාෂයන් සැපිරිලාද? කියන ප‍්‍රශ්නයක් අප හමුවේ තිබෙනවා. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබද සාකච්ඡුාව අවසාන වෙලාද කියලා අපිට අහන්න වෙනවා. අනෙක් පැත්තෙන් මෙම වෙඩිතැබීම සමග නැවතත් කොමිසම් කතාවක් ඇවිත්. අපි අහනවා පහුගිය කාලෙ මේ කොමිසම් සභාවලට සහතික දීලා මේ ව්‍යුහයන් ශක්තිමත් කරලා ඒ හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වෙලාද කියන සාකච්ඡාවක් තියෙනවා. පාර්ලිමේන්තුවේ 225ම විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ විසින් සහතික දීලා මෙතැනින් පස්සෙ පොලිසියෙ කටයුතු යහපත් වෙනවා කියලා හිත හදාගත්තා. දැන් ඔන්න ජනාධිපතිවරයා කියනවා ම් පොලිසියෙ සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා.
පහුගිය කාලයක් තිස්සෙ පොලිසිය විසින් පාලකයන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් බලය යොදවලා තිබෙන තත්වයක් තියෙනවා. පාලකයන් ඒ පොලිසිය හරහා මර්දනය කරමින් ජනතාව නිහඩ කරවපු අතීතයකින් අප ඉදිරියට ආවෙ. අපරාධකරුවන් කියලා සැකකරන අය පොලිසියෙන් අල්ලලා ආයුද පෙන්වන්න ගෙනගිහින් පැන යන්න උත්සාහ කලා කියලා වෙඩි තියලා මරා දැමුවා. දාමරිකයන් එහෙම මැරුවට කමක්නෑ කියලා හිතන එවැනි දේ විශ්වාස කළ ජනවිඥානයක් අප අතර තියෙන්නෙ.
පසුගිය 20 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍යයන් දෙන්නා ගැන අපක්ෂපාති පරික්ෂණයක් තියෙනවා කියලා පොලිස්පති කියනවා. අපි අහනවා පශ්චාත් මරණ පරික්ෂන වාර්තාවෙ තියෙන්නෙ මොනවද? මේ සිදුවීම හදිසි අනතුරක් කියලා වාර්තා කලේ ඇයි? පොලිසිය එහෙම කියලා සගවන්න හැදුවෙ මොනවද? අණ නොතකා ධාවනය වුනාම වෙඩි තැබුවා කියලා දෙයක් මෙතනදි අදාල නෑ. හේතුව, අපට වාර්තාවන තොරතුරු අනුව, මේ අයට වෙඩි වැදිලා තියෙන්නෙ යතුරුපැදිය පදවාගෙන ශිෂ්‍යයාටයි. එහෙම නම් අපි අහනවා මෙතන මකක්ද වුනේ? මේ විධියට වෙඩි තබන්න සිදුවුණ කතාව හෙළිදරව් වියයුතුයි. ඒක හෙළිකරන එක පොලිස් මාධ්‍ය ප‍්‍රචාරකවරයගෙ වගකීමක්.
දැන් මීට කලින් සිදුවීම්වලදි ඇඹිලිපිටියෙ වගේ බොහෝ සිදුවීම්වලදි පරික්ෂණ අවසන් වෙන්නත් පෙර පූර්ව පරික්ෂන ප‍්‍රතිඵල අනුව කියාල, තමන්ට අවශ්‍ය, දේශපාලන අධිකාරිත්වයට අවශ්‍ය අදහස සමාජයට කිව්වෙ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරු. දැන් මෙතැනදි රහස් පොලිසියට භාරදිලාලූ, පරික්ෂණ පැවැත්වෙනවලූ. නමුත් ඇයි කියන්න බැරි මොකක්ද වුනේ කියලා. මේක ගැටුමක්ද නීතිය ක‍්‍රිියාත්මක කිරීමක්ද, බලහත්කාරයක්ද සිවිල් ගැටුමක්ද කියලා පොලිසිය කිවයුතුයි. අනතුරක්ද හදිසි අනතුරක්ද කියලා කියන්න බැරි ඇයි?
යතුරු පදිය පදවාගෙන ශිෂයයාට වෙඩි වැදීම ගැන පොලිසිය කරන පැහැදිලි කිරිම මොකක්ද? ආරක්ෂක ලේකම්වරයා ඉතාම සාහසික ලෙස ප‍්‍රකාශයක් කරනවා, මේක ඒ තරම් ගණන්ගන්න දෙයක් නෙවෙයි, පසුගිය කාලෙ නිට්ටඹුවෙදිත් මෙහෙම පොලිසිය අතින් වෙඩි වැදිලා තරුණයො මැරුණා කියලා. මේ රටේ පොලිසිය භාරව ඉන්න වගකිවයුතු රාජ්‍ය නිලධාරියා මාධ්‍ය ඉස්සරහා ඇවිත් කියනවා මේවා ගණන් ගන්න දේවල් නෙවෙයි පොලිසියට එහෙම කොරන්න පුලූවන් කියලා කියන්නෙ. පොලිසියට හිතෙන වෙලාවට, කේන්ති ගිය වෙලාවට, බීලා ඉන්න වෙලාවට දේශපාලන මර්දනය අවශ්‍ය වෙලාවට පොලිසියට එහෙම කරන්න පුළුවන් කියලයි කියන්නෙ. මොකද දකුණෙත් එහෙම වෙලා තියෙනවා කියලා මේ සාමානයකරනය කරන්නෙ. එවු අපි දන්නවා, දකුණෙත් එහෙම කළා. පස්යාලෙදි වෙඩි තිබ්බා, අණ නොතකා දාවනය කළ නිසයි වෙඩිතිබ්බා කිව්වෙ, පශ්චා් මරණ පරික්ෂනයෙදි තමයි ඔප්පු වුණේ, වෙඩි උණ්ඩ ඇතුළු වුනේ ශරිරය ඉදිරිපසින් කියලා. අන නොතකා ගියා නම් කොහොමද ඉදිරිපසින් උණ්ඩ ඇතුළු වුණේ. කොළඹ මහාධිකරණයෙ ඒ පිළිබඳ නඩුව විබාග කෙරෙනවා. පොලිස් නිලධාරින්ගෙ වැඩ තහනම් කරලා. ඒ නිසා ආරක්ෂක ලේකම් කොහොමද කියන්නෙ මේවා සාමානය සිදුවිම් කියලාත ඇඹිලිපිටියෙදි, උඩවලවෙදි මෙවැනි දේ සිදුවුණා කියලා කොහොමද කියන්නෙ. පොලිසියට අභිමත ලෙස පාවිච්චි කරන්නද ගිනි අවි දරන අයිතිය දීලා තියෙන්නෙ. දැන් පැහැදිලියි මේ රටේ ජනඝාතක සංස්කෘතිය මේ රටේ දේශපාලනයෙ ප‍්‍රකාශණයක්. ඒ නිසා පහුගිය ආණ්ඩු නිල හා නොනිල ලෙස පොලිසිය තුළ පවත්වාගෙන ආවා. ඒ නිසා අපි ජනතාවට කියනවා කොමිසම් දාල මේවා නවත්වන්න බෑ. එක් එක් අය මාරු කරලා නවත්වන්නත් බෑ. මෙවැනි ප‍්‍රශ්නයක් ආවම පොලිසියෙ ඉන්න පහළ නිලධාරින්ට මුවහමට තඩිබානවා වගේ තඩිබාලා ප‍්‍රශ්න විසදන්න බෑ. ඒවගේම ජනාධිපතිවරයා කිව්වට මේ ප‍්‍රශ්නය විසදන්න මේ දේශපාලන අධිකාරියටත් බෑ. මොකද මේක රාජ්‍ය එක්ක සම්බන්ධයි, ඒ නිසා මේක වනස් කරන්න වෙන්නෙ මේ සමාජයෙන් මතුවන බරපතල සමාජමය විරෝධතාවයක් මාර්ගයෙන් පමණයි. ඒ නිසා අපි බාපොරොත්තු වෙනවා මේ ප‍්‍රශ්නය සාධාරන ලෙස විසදෙන්නෙ නැත්නම් වහාම අවශ්‍ය අවම වූ මැදිහත්වීම ඉක්මන් පියවර ආණ්ඩුවෙන් ගැනෙන්නෙ නැත්නම් ජනතාවත් සම්බන්ධ කරගත් මහපොළොවෙ ක‍්‍රියාමාර්ග දක්වා යන්න අපි පසුබට වෙන්නෙ නෑ.
අපි ජනතාවට කියන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා ජනතාව ක්‍රියාකාරි වියයුතුයි, ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.“