පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය වෙනුවෙන් ඔහුගේ සරසවි මිතුරන් සංවිධානය කළ සම්මන්ත‍්‍රණයට සහභාගී වූ දේශපාලන පක්ෂ නායකයෝ, සිවිල් ක‍්‍රියාකාරීන් සහ කලාකරුවෝ රැසක් සහභාගි වූහ.
වෛද්‍ය චන්දන ජයකොඩි, නීතීඥ නුවන් බෝපගේ, එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසුරිය, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර, කැෆේ සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික සන්ධානයේ වාසුදේව නානායක්කාර, ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි, ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ, ‘වමේ හඬ‘ සංවිධානයේ ධර්මසිරි ලංකාපේලි, මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය සරත් විජේසුරිය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සේනාධීර ගුණතිලක ‘අලූත් පරපුර’ සංවිධානයේ මාධව සුදන්ත, නීතීඥ ශිරාල් ලක්තිලක, කලාකරු කිංස්ලි ලෝස්, සමාජවාදී පක්ෂයේ පී.ඞී. සරණපාල, පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරයේ අතුරලියේ රතන හිමි, ඉංජිනේරු උපුල් ලේකම්ගේ යන අය මෙම අවස්ථාවේ අදහස් දැක්වූහ.
ඔවුන් විසින් දැක්වූ අදහස් අතරින් කිහිපයක් පහත සටහන් වේ.
—————————–
ආණ්ඩුවට පක්ෂව හා එකඟව වැඩ කළොත් ඔහුට මෙහෙම වෙන්නෙ නෑ.
වාසුදේව නානායක්කාර – ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික සන්ධානය
පෞද්ගලික ඇසුරක් නැතත් මම දන්නවා කුමාර් ගුණරත්නම් සහෝදරයා අධිරාජ්‍ය විරෝධී වාමාංශිකයෙක් බව. එහෙම වන නිසාම ඔහුට සිරගත කරලා තියෙනවා. අධිරාජ්‍ය විරෝධී වාමාංශිකයෙකුට අද අනිවාර්යයෙන් මේ ආණ්ඩුවට විරුද්ධව වැඩකරන්න සිදුවෙනවා. එහෙම වුනාම මොකක් හෝ තාක්ෂනික හේතුවක් හෝ නිසා ඉතාමත් සරල හේතුවකින් සිරද`ඩුවම් විඳින් වෙනවා. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය මැතිවරනයෙන් ලබාගත් ජයග‍්‍රහණයේ ලියැවී තිබුණා කුමාර් සිරගත වියයුතු බව.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හැටි එහෙමයි. පරම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නෑ. බලය හසුරුවන පිරිස කවුද ඔවුන්ගේ උවමනාව අනුවයි නීතියේ ආධිපත්‍ය තීරණය වෙන්නෙ. මේ මොන නීතියද? නීතිය දික් වෙනවා පළල් වෙනවා, පටු වෙනවා ඇකිලෙනවා බලයේ ඉන්න පිරිස අනුව. අපට දැන් කරන්නෙ කුමාර් ගුනරත්නම් සහෝදරයාට මේ රටේ ඉඳිම හා පුරවැසිභාවය පිළිබඳ උද්ඝෝෂනයට කැමැත්තෙන් එක් වෙන්න පුළුවන්. මක්නිසාද අප අදධිරාජ්‍ය විරෝධි වාමාංශය අගය කරනවා. ඒ වගේම මේ දුර්ජන පාලනය පිළිකුල් කරනවා.
කුමාර් ගුණරත්නම් වගේම තමයි ඉංග‍්‍රීසි යටත්විජිත පාලනයෙදි මේ රටේ එන්එම් පෙරේරලා හිරගෙවල් කඩාගෙන පළා ගියා. ඔවුන් ඉන්දියාවෙදි අල්ලලා මෙහෙ එවලා නඩු අහලා හිරේ දැම්මා. ඒ නිසා නීත්‍යනුකූලව පැනලා යන්න බෑ. මර්දනය එල්ල වෙනකොට පිලිගත් ක‍්‍රමයක් ඒක. නීතියයි යුක්තියයි අතර පරතරය තමයි කුමාර් ගුණරත්නම් සහෝදරයා උසාවියට දුන් සාක්ෂියෙන් පැහැදිළි කරන්නෙ. කුමාර් ගුණරත්නම් සහෝදරයා සිරගත කරනු ලැබීමෙන් නීතියයි යුක්තියයි අතර පරතරය අපට සිහිපත් කරදෙනු ලබනවා.
ආණ්ඩුව විසින් පුලූල් ලෙස කළ ආරාධනාවක් නිසා ඕස්ටේ‍්‍රලියාවෙ ඉඳලා ලංකාවට ආවම ලංකාවෙ හිමිකම ලබා දෙන්නෙ නෑ. ආවම ඔහුට ලංකාවෙ පුරවැසිකම ලබා දෙන්නෙ නෑ. ඔහුට එවිට සිදුවෙන්නෙ පුරවැසිකම නැතිව ඉන්න. නමුත් ඔහු වාමාංශිකයෙක් නිසා ඒ ගැන නොසිතා වැඩ කරනවා. ඔහුගෙ දේශපාලන මතයක්, සංවිධානයක් අනුව කටයුතු කිරීමයි වරදක් වෙලා තියෙන්නෙ. ආණ්ඩුවට පක්ෂව හා එකඟව වැඩ කළොත් ඔහුට මෙහෙම වෙන්නෙ නෑ.
අප ඔහු වෙනුවෙන් කළ හැකි දෙයක් කළ යුතුයි. ඒක කරන්න නම් ප‍්‍රබල ජනමතයක් ඇති රකන්න වෙනවා. අධිකරණය හරහා ඔහුට චෝදනා නගා සිරගෙදරට යවන්නෙ මේ රටේ රජය. දැන් විශ‍්‍රාමික සොල්දාදුවන්ට සහන දෙන්න නීති වෙනස් කරන්න තීරණය කරලා තියෙනවා. ඒ නිසා කුමාර් සහෝදරයට විතරයි මේ නීතය හරස් වෙන්නෙ. ආණ්ඩුව යම් යම් ස්ථාවරයන් වෙනස් කරන අවස්ථා තියෙනවා. නමුති කුමාර් සහෝදයට වෙනස් විදියටයි සපකා තියෙන්නෙ. අපි ඔහු වෙන්වෙන් ක‍්‍රියාත්මක වෙන්න කැමැතියි. මේ නිසා කුමාර් සහෝදරයාගේ නිදහස වෙනුවෙන් පුලූල් ජනතා ව්‍යාපාරයකට අපි එක් වෙන්න සූදානම් බව කියමින් නිහඩ වෙනවා.
——————
ඔහු ආණ්ඩුවේ දේශපාලන ගමනට තර්ජනයක් ලෙස සලකා තිබෙනවා
මහාචාර්ය තිස්ස විතාරණ – ලංකා සමසමාජ පක්ෂය
කුමාර් ගුණරත්නම් සහෝදරයා අවුරුද්දක් හිරගතකරපු එක වැරදියි ඒක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි, මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් කියලා මෙතන ඉන්න අපි හැම දෙනාම පිලිගන්නවා. මේක අපේ නීතය හෝ ප‍්‍රතිපත්තිවලට ගැලපෙන්නෙ නෑ. එතුමා සිරගත කිරීම දේශපාලන පලිගැනීමක් බව අපට පැහැදිලිය. මේ සිරගත කිරිමට ඔහුගෙ දේශපාලනය බලපාල තියෙනවා. අධිරාජ්‍ය විරෝධී ධනපති විරෝධී මතයක් ඇති නිසා ඒ වෙනුවෙන් සටන් කිරීමේ ශක්තිය ඇති නිසා ඔහු ආණ්ඩුවේ දේශපාලන ගමනට තර්ජනයක් ලෙස සලකා මෙවැනි පියවරක් අරන් තියෙනවා. අපි ලංකා සමසමාජ පක්ෂය හැටියට මේ පියවර තරයේ හෙලා දකිනවා. ඔහු අපේ රටේ ඉපදුන කෙනෙක්. මා දන්නා විධියට යටියන්තොට කරවනැල්ල ප‍්‍රදේශයෙ ඔහු උපත ලබා තිබෙන්නෙ.
එන්.එම්. පෙරේරා සහෝදරයාගෙ දේශපාලන ඉතිහාසයෙ යටියන්තොට, රුවන්වැල්ල ප‍්‍රධාන තැනක්. වමේ දේශපාලනය කරපු එන්එම් සහෝදරයා වගේ අය අධිරාජ්‍ය විරෝධි අරගලයෙදි රටින් පිට වෙන්න සිදු වුණා හිරබත් කන්න සිදු වුණා. කුමරේ ගුනරත්නම්ට පිට වන්න සිදුවුණෙත් දේශපාලන හේතු නිසා. ඔහුට ජීවිත ආරක්ෂාව වෙනුවෙන් යන්න වුණේ. 1977 ධර්මිෂ්ට සමාජයක් ඇති කරන්න ආවට අධර්මිෂ්ට සමාජයක් ඇති කළේ.
යහපාලනයක් ඇති කරන්න ආව මේ වෙලාවෙත් යකාගෙ පාලනයක් තමයි ඇති කරලා තියෙන්නෙ. මේ තත්වය ඉදිරියෙදි උග‍්‍ර වෙන්න නියමිතයි. ජනතාවට බර දැරීමට සිදුවන නිසා ඊට එරෙහිව පෙළගැහෙනකොට සටනක් කරන්න වෙනවා. ඒ සටන ඉදිරියට යනවිට වමට හා ප‍්‍රගතිශීලි බලවේගවලට ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව සටන් කරන්න වෙනවා. මේ නිසා ඒ සටනෙම කොටසක් හැටියට අප කුමාර් ගුණරත්නම්ගෙ නිදහස වෙනුවෙන් සටන් කළ යුතුයි.
ලංකාවෙ උපන් අයෙක් හැටියට ඔහුට ලංකාවෙ පාස්පෝට් එකක් හිමි වියයුතුයි. ඒ පිළිබද උද්ඝෝෂනයක් අපි පාර්ලිමේන්තුවෙදිත් ඉන් පිටතත් කළ යුතුයි. අප සියලූ දෙනා අපේ ප‍්‍රගතිශීලී සටනේ වැදගත් කොටසක් නොනවත්වා එම උද්ඝෝෂණය කළ යුතුයි. ඒ වෙනුවෙන් ලංකා සමසමාජ පක්ෂය හැටියට අපි සහයෝගය ලබා දෙනවා. අධිරාජ්‍යවාදයට යටපත් කිරිමට එරෙහිව අප එක්ව සටන් කරන අතර කුමාර් ගුණරත්නම් නිදහස් කිරීමත් එහි කොටසක් කළ යුතු බව සඳහන් කරනවා.
————————–
ලංකාවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය කුමාර්ගෙන් ඉවර වෙන්නෙ නෑ
සේනාධීර ගුනතිලක – පෙරටුගාමී සමාජවාදී පක්ෂය
මේ අවස්ථාවට සහභාගි ව සිටින සියලූදෙනාගෙන් අවසරයි.
අප සියලූ දෙනාම දන්නවා කුමාර් ගුණරත්නම් සහෝදරයගෙ පුරවැසිභාවය පිලිබද ගැටලූව යුක්තිය පිළිබද ගැටලූවක් බව. ඒ මෙතනදිත් අප සාකච්ඡුා කළ මූලික කාරනයක්. නමුත් අප හිතන විධියට විශේෂයෙන් ලංකාවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද උනන්දුවන කෙනෙකුට කුමාර් ගුණරත්නම් සහෝදරයගෙ ප‍්‍රශ්නය දෙස හොඳින් බැලූවොත් ඒ තුළ මෙතෙක් නොදුටු දෙයක් දැනගන්න ලැබෙනවා.
හැබැයි අපි විශ්වාස කරනවා. ලංකාවෙ 70 දසකයෙන් පසු යම් ගැටුම් සහගත තත්වයන් ප‍්‍රචණ්ඩ ස්වරූපයක් ඇතිවන විට පාලකයන් විසින් ඒ තුළ රාජ්‍ය ත‍්‍රස්තවාදයක් ක‍්‍රියාවට යෙදවූ බව අපි දකිනවා. 80 දසකයෙත් ඉන්පසු 90 දසකයේ සහ මේ දක්වාම කුමාර් සහෝදරයාම වරින්වර විවිධ අවස්ථාවල මර්දනයේ ඉලක්කයක් බවට පත් වුනා. ඒ නිසා මේක එක් අවස්ථාවක ප‍්‍රශ්නයක් නෙවෙයි, මේක දසක ගණනක් ඇදී යන දිගින් දිගට ඇදෙන ප‍්‍රශ්නයක්. දකුණේ වාමාංශිකයන් අසූ ගණන්වල මර්දනයට ලක් වෙන අවස්ථාවෙ අපේ පොදු සමාජය ඒක ගත්තෙ තමන්ට අදාල දෙයක් නොවන ආකාරයට. උතුරේ අරගලකරුවන් මර්දනයට ලක්වන විට ඒක අපට අදාළ වුනේ නෑ. අප ඒක නොසලකා හැරියා. ඒ වගේම මානව හිමිකම් ක‍්‍රියාධරයන්, මාධ්‍යවේදීන් නීතිඥයන් මර්දනයට හසු වුණා. අසූ ගණන්වල මානවහිමිකම් වෙනුවෙන් කතා කරපු විජේදාස ලියනාරච්චි වැනි නීතිඥයන් පවා ඉන්පස්සෙ දඩයමට ලක් වුණා. ඒ නිසා මේක එක් සිදුවීමක් එක් පුද්ගලයෙක් පිළිබඳ ප‍්‍රශ්නයක් නෙවෙයි, ඒ වගේම මේ අද ඊයෙ කතාවකුත් නෙවෙයි, එක ආණ්ඩුවක හෝ දෙකක කතාවකුත් නෙවෙයි. මේක අපි හැමදාම දිගින් දිගට මුහුණ දෙන මුහුණ දෙමින් ඉන්න ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නය පහුකරගෙන ඇවිත් මේසාකච්ඡුාව එළඹුනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සාකච්ඡුාව මේසය මත තිබෙන වෙලාවෙ. හැබැයි ඒ මේසයට මේ ඇත් ප‍්‍රශ්නය ආවෙ නෑ. පුස්සැල්ලාව පොලිසියෙදි කම්කරුවෙකුට පොලිසිය තුළ වෙච්ච දේ, චුන්නාකම්වලදි තරුණයෙකුට වෙච්ච දේ වගේ සිදුවීම් ගණනාවක් තියනවා. මේ සියල්ල වරින්වර එළියට එනවා. මේ අතර මානව හිමිකම් වාර්තාවලින් ලෝකයටම මේ තත්වය හෙළිදරව් වෙනවා. ඒ නිසා මේ තමයි අපි මුහුණ දෙන ඇත්ත ප‍්‍රශ්න. දැන් ලියැවිලා ඉවරයි, කුමාර් ගුණරත්නම් සහෝදරයට වසරක සිරදඩුවමින් පස්සෙ ඔහු පිටුවහල් කර පළවා හරින බවට. එහෙම වුනාම කතාව ඉවරයි කියලා සමහරු හිතනවා. මේ ප‍්‍රහ්නය විසඳන්න කතා කරන හැම වෙලාවෙම කවුරුත් කියන්නෙ මේක ඉක්මනට විසඳෙයි කියලා. කවුරුත් මේකට මැදිහත් වෙන්න එකගයි, නමුත් අපට හැමවෙලාවෙම ලැබෙන්නෙ නොසළකා හැරීම සහ මගහැරයාමයි.
සිරදඩුවමකට ලක්වීමට නියමිත දවස්වල ඒ ගැන පැහැදිළිකමක් තිබුණා. දැන් තියෙන්නෙ සිරදඩුවම අවසන් වුණාම පිටුවහල්කිරීමයි. මේ එක ප‍්‍රශ්නයක අවසානය හැටියටයි සමහරු වටහාගන්නෙ. අපි හිතන විධියට යම්දවසක මේකට විසඳුමක් ලැබෙයි. කුමාර් ගුනරත්නම් සහෝදරයට යම් දවසක පුරවැසි අයිතිය පිලිගන්න වෙනවා. හැබැයි ලංකාවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය එතැනින් ඉවර වෙන්නෙ නෑ. යුද ඛේදවාචකයෙන් පස්සෙ මහා මිනිස් සංහාරයක් ඉවරවෙලාත් ඔබ විශ්වාස කරනවද චෝදනා මොනවත් නැතිව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අවුරුදු පහළොවක් රඳවාගෙන ඉන්න කෙනෙක් ගැන? ඒවා අපේ ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්න නෙවෙයි. දහස් ගානක් අතුරුදන් වෙච්ච සමාජයක් මේක. එක වෙලාවකදි ලේබල් එකක් තියෙනවා උතුරේ ත‍්‍රස්තවාදින් කියලා. තවත් වෙලාවක දකුණෙදි කැරලිකරුවන්. ඊළගට පාතාලය, ඉන්පස්සෙ මැරයන් කියනවා. මේ කියන්නෙ අපට කරදරකාරි මිනිස්සු නිසා ඒ අයගෙ ප‍්‍රශ්න අපට අදාළ නෑ කියන එක. කුමාර් ගුණරත්නම්ගෙන් මේ ප‍්‍රශ්නය ඉවර වෙන්නෙ නෑ. අපි හිතනවා දේශපාලනය කරන අය, මානවහිමිකම් ක‍්‍රියාකාරිකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සමාජ ක‍්‍රියාකාරිකයන් හැටියට මේ ප‍්‍රහ්න දකින්න, ඒ වෙනුවෙන් සමාජ මතයක් ගොඩනගන්න පුළුවන් නම් අපේ සමාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ මීට වඩා පුලූල් කතිකාවකට ගෙන එන්න පුලූවන්. ඒ නිසා කුමාර් ගුණරත්නම් සහෝදරයා වෙනුවෙන් හඩ නගන සරසවි මිතුරන් වගේම අපට මානව නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පුරවැසි අයිතිය ගැන කතා කරනවා නම් වගකීමක් තියෙනවා ඒ කතාව ඔස්සේ සමාජ කතිකාවක් ලෙස ගොඩනැගීමට. ලංකාවෙ මානව නිදහස පිළිබද කතාකනවා නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ගැන කතා කරනවා නම්, අපට ඒ කතිකාව ගොඩනගන්න වෙන්නෙ අප අතර, ඔබ අතර වාමාංහිකයන් අතර, ප‍්‍රගතිශීලීන් අතර සමාජ කතිකාවක් හැටියටයි. ඒ මැදිහත්විම කරණතාක් ඒ අරගලය කරන්න දවසක් මුණගැහෙන තාක් කල් අපට නැවත නැවත මේ ආකාරයෙන්ම ප‍්‍රශ්නවලට නැවත නැවත මුහුණ දෙන්න වෙන බව පිළිගන්න වෙනවා. වෙනත් විදියකට මුහුණ දෙන්න වෙනවා, කුමාර් කෙනෙකු නෙවෙයි එදාට වෙන කෙනෙකු හමුවේවි. ඒ නිසා මේ ප‍්‍රශ්නය අපේ ප‍්‍රශ්නයක් හැටියට ගන්න ලෙස ඉල්ලා සිටිමින් නිහඩ වෙනවා.
———

බල දේශපාලනයෙන් තොරව පුද්ගල අභිමානය අයිතිවාසිකම් මානවහිමිකම් පිළිබඳ සාකච්ඡුාවක් ඉදිරියට ගන්න
නීතිඥ ශිරාල් ලක්තිලක
කුමාර් ගුණරත්නම් සහෝදරයා පිළිබද කතා කරන මේ සභාවට ආවෙ අදහස් දක්වන්න නෙවෙයි, නිරික්ෂනය කරන්න. නමුත් මේ අත්අඩංගුවට ගැනීම ගැන, කොන්දේසි විරහිතව විරුද්ධයි. ඒ නිසා මම මෙතැනට ආවෙ. අලූත් පරපුරේ මිත‍්‍රයා කිව්වා වගේම මෙයට දේශපාලනය ගෑවිලා තියෙනවා. ඒ නිසාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රශ්නයක් හැටියට විසඳගන්න ඇති අසීරු බව අප දකිනවා. නමුත් අප මානව අභිමානය පදනම් කරගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කතා කරනවා නම් ජනවාරි 8 සිදුවුනේ ජයග‍්‍රාහකයා විසින් පරාජිතයා ද`ඩුකඳේ ගහන දේශපාලනයක් නෙවෙයි. නමුත් අවාසානාවට ඇතැම්විට අප දකින්නෙ එවැනි දේශපාලනයක්. එය අප ප‍්‍රතික්සේප කළ යුතුයි. මේ යුගයෙ අපට ප5ජාතන්ත‍්‍රවාදය බහුපාර්ශ්වීය ලෙස අර්ථගන්වන්න සිදුවෙනවා. ඒ නිසා කුමාර් සහෝදරයාගෙ නිදහස වෙනුවෙන් අපට හ`ඩනගන්න පුලූවන්.
නමුත් හුගක් අවස්ථාවල අපේ අත් පිරිසිදු නෑ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ තුළ ක්‍රියාකාරින්ට විට මුදහළ පසුගාමිත්වයක ප වෙලිලා ඉන්නෙ. දැන් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරගන්න අපට බෑ. ඒ පනත නිසාම බැට කෑව ජනතා විමුක්ති පෙරමුණ තමයි ඒ පනත යටතේ නඩු පවරන එක රඳවා තබන එක හරි කීවෙ. ඒ නිසා කුමාර් ගුනරත්නම් සිදුවීම විසින් අපට නිමිත්තක් සපයනවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය බරපතල ලෙස අවශ්‍ය යුගයක බල දේශපාලනයෙන් තොරව පුද්ගල අභිමානය අයිතිවාසිකම් මානවහිමිකම් පිළිබඳ සාකච්ඡුාවක් ඉදිරියට ගන්න. ඒ සදහා අප ඔබට සහයෝගය ඔබ සැමට හිමිවන බව කියමින් මා නිහඩ වෙනවා.
——————————–

මේ ඉරණම අත් වුණේ කුමාර් ප වතින ධනපති දේශපාලනයෙ ගැත්තෙක් කොවන නිසයි.
සිරිතුංග ජයසූරිය – එක්සත් සමාජවාදී පක්ෂය
දේශපාලන පක්ෂ නායකයිනි, කලාකරුවනි, මාධ්‍යවේදී හිතවතුනි, මා හිතන විදියට කුමාර් ගුනරත්නම්ට මේ ඉරණම අත් වුණේ පවතින ධනපති දේශපාලනයෙ ගැත්තෙක් කොවන නිසයි. එෙහෙම ගැත්තෙක් වුණා නම්, කුමාර් තමන්ගෙ කටයුත්තක් කගෙන ඉඳියි. නමුත් ඔහු තමන් විශ්වාස කරන වාමාංශික දේහපාලනය විශ්වාස කරන මේ පාලනයට අභියෝ කරන්නෙකු නිසයි මේ ඉරණම අත්වුනේ. ආගමන විගමන නීතිය උල්ලංඝනය කරපු දහස් ගණනක් මේ රටේ ඇති අපට මාධ්‍යවලින් දැනගන්න ලැබෙනවා එක්කෙනා දෙන්නා අහු වෙන බව. නැත්නම් ඒ අය විවාහ වෙලත් දරුමල්ලො හදාගෙන ඉන්නෙ. නමුත් කුමාර්ව හඹාගෙන ගිහින් අල්ලා නඩු අහලා වසරක සිරද`ඩුවම් දෙන්නෙ ඇයි?
දැන් ඇත්තටම තියෙන ප‍්‍රශ්නය මේ වසරක දණ්ඩනය නෙවෙයි, ප‍්‍රශ්නය වෙන්නෙ ඒ අවසන් වෙනකොට ඔහු පිටුවහල් කිරීමයි. ඔහුගෙ උපන් බිම මව්බිම මේ රට. ඔහු පිටුවහල් කරන්නෙ කමන්ගෙ රටට නම් ප‍්‍රහ්නයක් නෑ. පිටුවහල් කරන්න යන්නෙ විදේශ රටකට. මේ රටේ ඉදලා මේ රටේ හැදිලා වැඩිලා අධ්‍යාපනය ලබාගත් දේශපාලනය කළ ඔහු පිටුවහල් කෙරෙන්නෙ වෙනත් රටකට. තමන්ගෙ රටට පිටුවහල් කරනවා නම් ප‍්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා අප කියන්නෙ ඔහුට වසරක දඩුවමක් දී තිබෙනවා ඒකත් අප පිලිගන්නෙ නෑ. නමුත් දැන් ඔහු ඒ දඩුවමට යටත් කර තිබෙනවා. අප කියන්නෙ එක් හේතුවක් වෙනුවෙන් දෙපාරක් ද`ඩුවම් නොකළ යුතුයි. ඔහුගේ අයිතිය මේ රටේ උපන් කෙනෙක් හැටියට මේ රටේ දිගටම රුඳී ඉන්න කැමැති කෙනෙකු හැටියට ආරක්ෂා කළ යුතුයි. ඔහුට මේ රටේ ජිවත්වෙන්න කැමැති දෙයක් කරන්න අයිතිය දෙන්න කියන එකයි එක්සත් සමාජවාදී පක්ෂයේ ස්ථාවරය.
—————–
මැතිවරණ කොමසාරිස්වරයා පිලිගත්තා නම් ඔහුට පුරවැසිභාවය පිලිබඳ ගැටලූවක් ඇයි ?
දිනේෂ් ගුණවර්ධන – මහජන එක්සත් පෙරමුණ
මට නම් කුමාර් ගුණරත්නම් හදුනාගන්න ලැබිලා නැහැ. ඒ නිසා ඒ සහෝදරයා ගැන විශේෂ බැඳීමක් නොමැති වුනත් පවතින ධනපති සමාජය වෙනස්කර යහපත් සමාජයක් නිර්මාණය කරන්න වාමාංශික දේශපාලනයේ ක‍්‍රියාකාරිකයකු ලෙස ඔහුට ඇති අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව අප විශ්වාස කරනවා. ඔහු මේ රටේ උපන් ලාංකිකයකු හැටියට ඒ ගැන අප කටයුතු කල යුතුයි. ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවෙදි ඒ ගැන අප පාර්ලිමේන්තුවෙදි ප‍්‍රශ්න කළා. දැන් ඔහු අධිකරණය මගින් සිරගත කර තිබෙනවා.
මේ රටේ යහපාලනය නොරිස්සන අරගල රැුසකට පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැදිහත්ව තිබෙනවා. එක් අතකින් මේ රටේ කිසිවකුට අහක බැලිය නොහැකි නිදහස් අධ්‍යාපනය දිනාගැනීමේ ක‍්‍රියාවලියට ශිෂ්‍ය ව්‍යාපාරය ගෙනයන අරගලයට නායකත්වය දෙමින් ප‍්‍රධාන දේශපාලන උද්ඝෝෂනයක් ගෙනයනවා. එය අපට විශේෂයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය අප දකින ආකාරයට එහි නායකත්වයකින් කටයුතු කළා. දෙවැන්න අපේ ආණ්ඩුවෙන් වුවත් වැරදි ආකාරයට ඇති කළ මාලබේ සයිටම් ආයතනය. ආණ්ඩුවේ ඇමැතිවරයකු වශයෙන් ඒ වැරදි ක‍්‍රියාමාර්ගයක් බව මගේ අදහස එදත් පළ කළා. මේ ක5ියාමාර්ගය අවලංගු කරන්න කිව්වා. අපට අපේ නිදහස් අධ්‍යාපනය, වෛi අධ්‍යාාපනය සුවිශේෂයි. ඒ මත තමයි අපේ නිදහස් සෞඛ්‍ය සේවය ගුනාත්මකභාවය පවතින්නෙ. ඉතින් මේ පෞද්ගලික විශ්වවිiාලයට එරෙහි විරෝධතාවයට ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙමින් ඒ සහෝදරයගෙ නායකත්වය යටතෙ ව්‍යාපාරය ඉදිරියට පැමිනියා. ඒ නිසා අප කාටත් පොදු අවශ්‍යතා වෙනුවෙන් අරගලයට එක්ව ගමන් කරන්න පුලූවන්.
දැන් ඔහු මැතිවරණයෙ අපේක්ෂකයෙක් හැටියට මැතිවරණ කොමසාරිස්වරයා පිලිගත්තා. එහෙම නම් ඇයි ඔහුට පුරවැසිභාවය පිලිබඳ ගැටලූවක් එන්නෙ. ඔහු පාර්ලිමේන්තුවට පත් වුණා නම් මොකද කරන්නෙ.
මේ පිළිබඳ සුප‍්‍රසිද්ධ නඩුව, බේ‍්‍රස්ගර්ඞ්ල් නඩුව. ඔු මේ රටේ වතුකම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නිසා ඉංග‍්‍රිසි අධිරාජය පාලනය විසින් පිටුවහල් කරන්න උත්සාහ කළා. ඒත් ඒ නියෝගය ඔහුගෙ මූලික අයිතිවාසික්ම කඩකිරීමක් බවට ශ්‍රේෂ්ඨාකරණය පිළිගත්තා. වෙනත් නඩුවක් පස්සෙ පැවතුනා. ඉතින් මේ රටේ උපන් මේ රටේ අධ්‍යාපනය ලැබූ හැදී වැඩුණු කෙනෙකු ලෙස කුමාර් සහෝදරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන උද්ඝෝෂනයට ක‍්‍රියාකාරීව මැදිහත් වෙමින් අප එක්වන බව සටහන් කළ යුතුයි.
————————
අපේ එහෙම ප‍්‍රශ්නයක් නැහැ කියලා අනුර කුමාර දිසානායක සහෝදරයා ප‍්‍රකාශ කළා
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
මම කැමතියි කුමාර් ගුනරත්නම් සහෝදරයාගේ ප‍්‍රශ්නය පිළිබඳව ෆේස්බුක් වේබ් අඩවිය තුළ එත්තරා විවේචකයෙක් අහපු ප‍්‍රශ්නයකින් පටන් ගන්න.
කෝප් වාර්තව සම්බන්ධයෙන් සාකච්ඡුාවක් මතු වෙලා තිබුණ වෙලාවක, මම ඒ ගැන ප‍්‍රසාදයෙන් කතා කරපු අවස්ථාවක අහලා තිබුණා ”ඔබ නොයෙක් ප‍්‍රශ්න ගැන කතා කරනවා කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් අනුර කුමාරගේ ස්ථාවරය ගැන ඔබ මොකද කියන්නේ?’ කියලා. මම කිව්වා ඒක දැනගන්න අවශ්‍ය නම් 07 වෙනිදා පදනම් ආයතනයට එන්න කියලා. දැන් මම හදන්නේ ඒ විවේචකය අහපු ප‍්‍රශ්නයට උත්තර දෙන්න.
මේක නීතිය පිළිබඳ ප‍්‍රශ්නයක්ම නෙවෙයි. පුරවැසිභාවය, පාස්පොට් ප‍්‍රශනය ඇතුළු ප‍්‍රශ්න කිහිපයක් තිබෙනවා. විමල් විරවංශගේ පාස්පොට් ප‍්‍රශ්නය. අර්ජුන් මහේන්ද්‍රගේ පුරවැසිභාය පිළිබඳ ප‍්‍රශ්නය. මේවැනි අවස්ථා තිබෙනවා. මේ පිළිබඳව තීරණ ගැනෙන්නේ දේශපාලන බල තුලනය සලකා බැලීම තුළ. ජනාධිපති වරණයෙන් පසුව අගමැතිවරයා සමග වෙනත් ප‍්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡුාවකදී මම ඇහුවා. ඒ වෙලාවෙදී ඔහු කිව්වේ ගැටලූවක් නැහැ ඒක ඉක්මනට විසදේයි කියලා කිව්වා. ඒ 2015 මාර්තු විතර ඇති. මම වෙනත් පාර්ශවන් සමඟ කතා කලා එතකොට කවුරුවත් කිව්වේ නැහැ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා. එක්තරා දේශපාලන චරිතයක් මට කිව්වා මේක නොවිස`දී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය නිසා කියලා. ඉන්පස්සෙ මම ඒ ගැන ප‍්‍රසිද්ධියෙ කතා කළා. ඊට පසුව අනුර කුමාර දිසානායක සහෝදරයා හමුවුණු වෙලාවක මට කිව්වා. මම කළ ප‍්‍රකාශය සඳහන් කරමින් ”අපේ එහෙම ප‍්‍රශ්නයක් නැහැ” කියල ඔහු ප‍්‍රකාශ කළා. මට අහවලා තමයි කිව්වේ කියා සඳහන් කළා. ඒ ප‍්‍රකාශය සත්‍ය හෝ නොවේවා. මම හිතනවා ජවිපෙ මැදිහත් වීම මූලික වශයෙන් අවශයි. මීට පෙර ආණ්ඩුවක් ඔහු පැහැර ගත්තා ගොඪාභය රාජපක්ෂ පුවත් පතකට කිව්වා ජවිපෙ උවමනාවතට මෙහෙම කළ බව. එවිට ජවිපෙ ඒක ප‍්‍රතික්ෂෙප කළා. නමුත් ජවිපෙ නිශ්ශබ්දතාවය. මේ ප‍්‍රශ්නය යම් පාර්ශවයකට අවශ්‍යතාවක් තිබෙනවා නම් ඒක ජවිපෙ නිහැඩියාව සේවය කරනවා. පුද්ගලිකව හමුවෙන කොට කියලා වැඩක් නැහැ. එයාලා ප‍්‍රසිද්ධ ස්ථාවරයක් ගැනීම අවශයි. මගහැර යාමට හැකියාවක් නැහැ. මේ ආණ්ඩුවේ ප‍්‍රජතන්ත‍්‍රවාදී අක්ත පත‍්‍රය පරික්ෂාවට ලක්වන දෙයක් තමයි කුමාර් ගුණරත්නම් සිද්ධිය.