කාලගුණ තත්වයේ අවදානමක් – වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක්

2016.06.18 weather

ජූනි 20 දක්වා ලංකාවේ බස්නාහිර හා නිරිතදිග ‍ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ තරමක වර්ධනයක් ඇති වන බැවින් කාලගුණ තත්වය පිළිබද අවධානයෙන් සිටින ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ධීවරයන් ඇතුළු ජනතාවගෙන් ඉල්ලා සිටී.

කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව ඊයේ (17දා) නිකුත් කළ නිවේදනයේ සදහන්වන්නේ දිවයින හරහා සහ දිවයින වටා  වන මුහුදු ප්‍රදේශවල, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල, දකුණු  පළාතේ සහ දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි. එසේම උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන ප්‍රදේශයක් වර්ධනය වියහැකි බව එහි සඳහන් වෙයි.

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල විටින් විට වැසි ඇතිවියහැකි බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකිබවත් කියැවේ. නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව නිකුත් කර තිබෙන කාලගුණ අනවැකියේ සඳහන් වෙයි

Leave a Reply