එපා කිව්ව චක්‍රලේඛ හරස් වේ – ආපදා සහන දුන් ග්‍රාම නිලධාරින් අමාරුවේ!

2016.06.16 relief circulars

ගංවතුර හා වෙනත් ආපදා තත්වය නිසා විපතට පත් ජනතාවට සහන සැලසීමේදී චක්‍රලේඛ නොසලකා අවශ්‍යතා සලකා කටයුතු කරන ලෙස කීවද දැන් එම චක්‍රලේඛ අනුව වියදම් පියවීමේ ක්‍රියාවලියක් ගෙනයන නිසා ග්‍රාම නිලධාරින් අමාරුවේ වැටී ඇත.

දැන් හෙළිව ඇති තත්වය අනුව, හදිසි සහන ලබාදීමට සිදුකළ වියදම්වලින් ග්‍රාමසේවා නිලධාරින්ට ලබාදෙනු ලබන්නේ රු. 20000ක උපරිමයකට යටත්වය. ගංවතුර තත්වයන් නිසා අවතැන්වූ ජනයාට ආහාරපාන ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙස ආණ්ඩුවේ නායකයන් උපදෙස් දුන් නමුත් එම ක්‍රියාවලියට විවිධ ආහාර සැකසුම් ආයතනවලින් හදිසි සැපයුම් ලෙස ආහාරද්‍රව්‍ය ලබාගැනීමේදී වගකීමෙන් මැදිහත් වූ ග්‍රාම නිලධාරින්ට බිල්පත් ඉදිරිපත් කරන්නට සිදුව ඇත. එහිදී අදාල සැපයුම් ආයතනවල බිල්පත් වටිනාකම්වලට චෙක්පත් නිකුත් කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ප්‍රාදේශීය ලෙකම් කාර්යාල වෙත දන්වනු ලැබ තිබේ.

Leave a Reply