එච්.එන්.ඩී.ඊ සිසුන්ට ම්ලේච්ඡ පොලිස් ප‍්‍රහාරයක් 40ක් රෝහලේ

hnde1

අද දින සිය ඉල්ලීම් වෙනුවෙන් පා ගමනින් ගිය එච්එන්ඩීඊ සිසුන්ට පොලිසිය විසින් ම්ලේච්ඡ ප‍්‍රහාරයක් එල්ල කර ඇත. මෙහිදී සිසුන් ඇමැතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර ඇමැති වෙනත් රැස්වීමක සිටින නිසා ඕන නම් ලේකම් සමග සාකචඡාවක් දිය හැකි බව කියා ඇත.

මෙහිදී සිසුන් පවසා ඇත්තේ අප කිහිපවරක් මේ ගැන පිළිතුරු අපේක්ෂාවෙන් ප‍්‍රතිදන කොමිසමට පැමිණි බවත් නමුත් මෙවර ඇමති සාකච්ඡුාවක් නොලැබ පිටවී යා නොහැකි බවයි. නමුත් මෙය කනකට නොගත් පොලිසිය සිසුන්ගේ ඔළු පළමින් ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කර ඇත. එහිදී රෝහල් ගත වී ඇති සිසු සිසුවියන් ගණන 40 ඉක්මවන බවත් 39 පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තාවේ.

මෙහිදී සිසුන්ගේ ඉල්ලීම් වී තිබුණේ අහෝසි කළ උපාධි සමානතාව නැවත බලාත්මක කරන ලෙසත්, දැනට ශිෂ්‍යාධාරය ලෙස සිසුන්ට ලබා දෙන රුපියල් 1200 රුපියල් 5000 කරන ලෙසත්, සිව් අවුරුදු පාඨමාලාව කොටස් වල කඩා අවසන් වසර මුදලට විකිණීමටත් එරෙහිව අන්තර් උසස් තාක්ෂණ ආයතන සිසුන් පවත්වන විරෝධතා පා ගමනක් පසුගිය 29 වෙනිදා කොළඹදී පැවතිනි. දෙහිවල සිට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමත්‍යංශය දක්වා සංවිධානය කර තිබූ මෙම පාගමන සඳහා ගාල්ල, තංගල්ල, බදුල්ල, දෙහිවල, මට්ටක්කුලිය, කෑගල්ල, කුරුණෑගල හා මහනුවර උසස් තාක්ෂණ ආයතන නියෝජනය කරමින් සිසු සිසුවියන් 2000කට අධික ප‍්‍රමාණයක් සම්බන්ද වී සිටියහ.

සිසුන් මෙම පා ගමන සංවිධානය කර ඇත්තේ දීර්ඝ ජනතා දැනුවත් කිරීමකින් හා විරෝධතා දැක්වීමෙන් පසුත් සිය ගැටලූ සඳහා පාලකයන් නිසි විසඳුම් දීමට අපොහොසත් වන තැනදීය. මෙහි ආරම්භය පසුගිය රජපක්ෂ ආණ්ඩුවේ අවසාන කාලය දක්වා දිවෙන අතර සිසුන් එතැන් සිට අඛණ්ඩව මෙකී ඉල්ලීම් ආණ්ඩුවට ඉදිරිපත් කරමින් සිටී.

එම උද්ඝෝෂණයට අදාල ඡායාරූප කිහිපයක් පහත පළවේ.

hnde8

hnde 2

hnde4

hnde5

hnde6

hnde7

 

 

Leave a Reply