උසස්වීම් සාධාරණ නෑ – පොලීසියෙන් පොලීසියට නඩු 

police

කාන්තා පොලිස්‌ සැරයන්වරියන් 29 ක්‌ද ඇතුළුව පොලිස්‌ සැරයන්වරු 439 කට උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් ලෙස උසස්‌ වීම් ලබාදීමට පොලිස්‌පති කළ නියෝගය අවලංගු කරන්නයි ඉල්ලා නිත්‍ය පොලිස්‌ සේවයේ වෙනත් පොලිස්‌ සැරයන්වරු 100 ක්‌ ඔක්තෝබර් 14වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කරන ලදී.

ඔවුන් පවසන්නේ තමන් තරග විභාග වලින් සමත්වී සහ සැලකිය යුතු කාලසීමාවක්‌ පොලිස්‌ සේවයේ යෙදීමෙන් අනතුරුව සැරයන්වරුන් ලෙස උසස්‌වීම් ලැබූ අය වුවත් නව පත්වීම් ලබා දී ඇත්තේ නුසුදුස්සන්ට බවයි. මෙම පත්වීම් අවලංගු කර නිසියාකාරව සකස්‌කළ පදනමක්‌ මත පිහිටා උසස්‌වීම් ලබාදීමේ ක්‍රියාවලිය යළි ආරම්භ කරන මෙන් පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඔවුන් සිය පෙත්සම මගින් ඉල්ලා තිබේ.

නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශයේ ලේකම් ජගත් විඡේවීර, පොලිස්‌ කොමිසමේ පරිපාලන ලේකම් එන්. ඩබ්. ඩයස්‌ මෙනවිය, පොලිස්‌පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න, නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරි, උසස්‌ වීම් ලැබූ උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් 439 දෙනා සහ නීතිපති ඇතුළු 506 ක්‌ පෙත්සම් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන බව ජනරළ වාර්තා කරයි.

හර්ෂනී රාජකරුණා

Leave a Reply