පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, අද(18) උදෑසන පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නුගේගොඩ, පාගොඩ පිහිටි සිය කාර්යාලයේදී තමන් අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත ගෙන යමින් සිටින බවත්, ඔහු දුරකථනයෙන් ජනමාධය වෙත පවසා තිබේ.
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරමින් ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් නැමැත්තාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් විකිණිම සම්බන්ධයෙන් විමර්හන සදහා ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. බ්‍රයන් ෂැඩික්ගේ ඇටර්නි බලපත්‍ර හිමිකරු බව කියන ලසිත පෙරේරා මේ සම්බන්ධව ගම්මන්පිලට එරෙහිව පැමිනිලි කර තිබිණ. ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවසයි.


