තිරුචි විශේෂ සරණාගත කදවුරේ රදවා සිටින කේ. දයාබරරාජ් සහ පවුලේ අය පසුගිය සිකුරාදා (17)සියදිවි නසාගන්නට සූදානම් වූයේ තවදුරටත් සරණාගතයන් ලෙස කදවුරක ගාල්වී සිටිම ඉවසිය නොහැකි නිසාය. ඔවුන් මෙසේ විශේෂ කදවුරක ගාල් කර ඇත්තේ ආරක්ෂක හේතු නිසා බව ඉන්දිය පොලිසිය පවසයි.
ලංකාවේදී තමන්ට කිසිදු අපරාධ චෝදනාවක් නැති බැවින් මෙසේ කදවුරක සිරගත කිරීම අසාධාරණ බව ඔහු අවධාරනය කර තිබේ. රෝගාගුර වූ දයාබරරාජ රෝහල්ගත කර ඇතත් ඔහුගේ තත්වය බරපතල නැත. මාර්තු මසදී ඔහු සහ ඔහගේ බිරිය විජයකලා සහ දරුවන් මෙසේ රාමේශ්වරම්හි විශේෂ සරනාගත කදවුරක රදවනු ලැබුවේ ඉන්දිය පොලිසිය විසිනි.
මේ අතර ඉන්දියාවේ වසන ලාංකික සරණාගතයන් ලංකාවට පැමිණිමට පුල පුලා බලා සිටින බව ඉන්දිය ආරංචි මාර්ග පවසයි. යුද සමයේ ජිවිතාරක්ෂාව පතා ලංකාවෙන් තමිල්නාඩුව බලා අවදානම් ගමනක් ගිය ජනයා සරණාගත කදවුරු ගණනාවක ජිවත් වෙති. ඔවුන්ගේ ඥාතීන් ලංකාවේ වාසය කරන නමුත් දැන් ඒ සබදතා බොහෝ දුරට බිදවැටී ඇත. සැබැවින්ම මේ සරනාගතයන් ගැන වගකීම ඇත්තේ ලංකා රජයට වුවද ඒ ගැන කිසිදු අවධානයක් මෙතෙක් නොතිබීමට හේතුව ලංකා ආණ්ඩුවේ වගකීම් විරහිතභාවය වේ. මහින්ද රාජපක්ෂ යටතේ මෙන්ම වත්මන් හවුල් පාලනය යටතේ යුද සමයේ මෙරටින් පලාගිය ජනයාගේ අයිතිවාසිකම් ආරක්සා නොවන බවට කදිම නිදසුන ඉන්දියාවේ සරනාගතයන්ව පීඩාවෙන් හුදකලාවෙන් අසරණව දිවි ගෙවන ජනතාවය.



