මුදල් ඇමති පවසන්නේ පසුගිය වසරේ බදු වැඩිකිරීමත් බදුඑකතුකිරීමේ කාර්යක්ෂමතාව ඉහළනැංවීමට කටයුතු කිරීමත් මීට හේතු වූ බවයි. 2015 වසරේ අයවැය මගින් ආණ්ඩුව ‘වැට්‘ ඇතුළු වක්ර බදු වැඩි කරමින් සාමාන්යත ආදායම්ලාභී ජනතාව මත බර පැටවීමක් සිදු කළ අතර එයට එරෙහිව පැන නැගි විරෝධතා නොසළකා ආණ්ඩුව එය ක්රියාත්මක කරන ලදී. නමුත් ඉන්පසුව පසුගිය වසරේ විපක්ෂය අධිකරණයට යාම තුළ බදු සංශෝධන ප්රශ්න කළ පසුව අධිකරණ නිර්දේශ මත වැට් බදු සංශෝධන නීතිගත කරන්නට පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නට ආණ්ඩුව සමත් විය.
ජාත්යන්තර මුලය අමුදලේ නිර්දේශ මත බදු සංශෝධන කිරීමෙන් ආණ්ඩුවේ සමස්ත ණය ප්රමාණය 22.3%කින් පහත හෙළිය හැකිවූ බවද මුදල් ඇමති පවසා ඇත. මේ නිසා 2015 7.2%ක් වූ අයවැය පරතරය 5.4% දක්වා අඩු කරගන්නට හැකියාව ලැබී ඇත. පසුගිය වසර තුළ ආණ්ඩුවේ බදු ආදායම රු.බිලියන 1660ක් දක්වා 9.2%කින් ඉහළ නංවාගෙන ඇත්තේ ජනතා විරෝධය මැද පැනවූ වැට් බදු ආදායම බව මේ අනුව පැහැදිලි වේ.
2017 ගෙවුණු මාස කිහිපය තුළ ආණ්ඩුව විසින් මැති ඇමතිවරුන්ට අලුතින් තීරු බදු රහිත වාහන ගෙන ඒමට පමණක් රු. බිලියන 1.2ක් වැය කළ බවද මෙහිදී අමතක කළ නොහැක.
ඉදිරි අයවැය සදහා නව බදු සංශෝධන – මුදල් ඇමති කියයි

