ආණ්ඩුව විසින් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් දඩයමක් අරඹයි!

2016.05.13-student-arrested

ඉදිරියේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේ උත්සාහයක ආණ්ඩුව නිරතවන බව අන්තර්විශවවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය චෝදනා කරයි. ඊයේ(20) සබරගමුව විශ්ව විද්‍යාලයේ පැවැති ශිෂ්‍ය වීර දිනය අමතමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර මේ බව පැවසීය.

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් 3 දෙනෙක් සහ සිසුන් 5 දෙනෙකු නවකවධ චෝදනා යටතේ නඩු දමා සිරගත කර මේ වනවිට දින 48 ක් වේ. එම සිසුන් නිදහස් කරන ලෙසත් ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් බලකරමින් පසුගිය 15වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සංවිධානයකල විරෝධතා පාගමනට සහභාගිවූ සිසුවියක් හා සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. මෙම පාගමන වැලැක්වීම සඳහා පිටකොටුව පොලිසිය මගින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණත් සිසු සිසුවියන් එම බාධක නොතකා සිය විරෝධය දැක්වීමේ අයිතිය භාවිතා කරන ලදී. එහිදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකරන ලදී.

මෙම විරෝධතාව මගින් අධිකරණ නියෝග කඩකර ඇතැයි අධිකරණයට කරුණු දැක්වූ පොලීසිය අනෙකුත් සිසු ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා ඇති අතර ඒ අනුව සිසු නායකයන් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග නිකුත් කර ඇත. ඒ අනුව මේ වන විටත් සිසු ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට පොලිසිය පැමිණ ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවැසි බව දෙමවුපියන්ට පවසා ඇත.

Leave a Reply