අධිකරණ නියෝග නොතකා පා ගමන පවත්වනවා – ළහිරු වීරසේකර

SAITM අහෝසි කිරීම ඇතුළු ඉල්ලෙම් ගණනාවක් මුල්කරගෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද දින (17) පැවැත්වීමට නියමිතව විරෝධතා පා ගමන අධිකරණ නියෝග නොතකමින් පවත්වන බව අන්තර්විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර ප්‍රකාශ කරයි.

ආණ්ඩුව ගැටළු විසදනවා වෙනුවට සිසුන් මර්දනය කිරීමට උත්සාහ කරන බවත් කිසිදු වාරණ නියෝගයකින් සටන් අඩපණ කළ නොහැකි බවත් නිසි විසඳුම් ලබා දෙන තෙක් අඛන්ඩව සටන් කරන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින ලදී.

Leave a Reply