2017 අයවැය තුළින් මතුවුණ් ධනපති‍ෙ දේශපාලනයේ බොරුවයි – පෙ.ස.ප.

pubudu-jayagoda

දක්ෂිණාංශික ධනපති දේශපාලනයේ බොරුව හා මුලාව වඩාත් ෙහාදින් ෙපෙනන අයවැයක් ඉදිරිපත් කර අැති බව ෙපරටුගාමී සමාජවාදී පක්ෂෙය් ෙද්ශපාලන මණ්ඩල සභික පුබුදු ජයෙගාඩ පවසයි. ඔහු ෙම් බව කියා සිටිය් මුදල් අැමැතිවරයා විසින් ඉදිරිපත් කළ 2017 අයවැය සම්බන්ධව කරුනු පැහැදිලි කිරිමට පක්ෂය විසින් අද(11) දින කැදවූ ජනමාධ්‍ය හමුෙව්දීය.

ඔහු පළ කළ අදහස් ෙකටිෙයන් ෙමෙස්ය.

“මුලින්ම කියන්න  ඕන, මාධ්‍ය හමුවකදි කියන්න බැරි තරම් කරුණු මේ අයවැයේ තියෙනවා. දැන් 2017 අයවැය ඉදිරිපත් කරන මොහොත වනවිටත් ජනතාව දන්නවා දක්ෂිණාංශික දේශපාලනය විසින් තමන්ව කොයි තරම් රවටලා තියෙනවද කියන එක. අප දකින විධියට මේ අයවැයත් දක්ෂිණාංශික දේශපාලනයේ බොරුව, මංමුලාව, අසත්‍ය හකුළුවා දැක් වූ අවස්ථාවක්. අපි එහෙම කියන්නේ, කලින් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ නිසා විශාල පීඩාවක් ඇති වුණා. පොදු සමාජ ආරක්ෂණය කප්පාදු කිරීම, රාජ්‍ය අංශය හැකිලවීම,  අධ්‍යාපනය, සෞඛ්‍යය, ප‍්‍රවාහනය වැනි පොදු සමාජ ආරක්ෂණ සේවා  වෙළෙඳ භාණ්ඩ බවට පත් කිරීම, අධික බදු බරපැටවීම වැනි තත්වයන් නිසා දැවැන්ත සමාජ විරෝධයක් පහුගිය ආණ්ඩුවට ආවා. ඒ විරෝධය මැඩ පවත්වන්න මර්දනය ගෙනාව. ඒ වැඩපිළිවෙළට  විරෝධය දක්වමින් ඒක වෙනස් කරන්න කියලයි මේ ආණ්ඩුව බලයට ආවේ. ඒ වැඩපිළිවෙළ ම දැන් කි‍්‍රයාත්මක කරමින් ඉන්නවා. අධ්‍යාපනය, සෞඛ්‍ය සාමාජ ආරක්ෂණ සේවා කප්පාදු කරලා තියෙනවා. මේවට තියෙන විරෝධය නිසා ආණ්ඩුවට ඉදිරියට යන්න බෑ. ඒ නිසා මේ තත්වය තුළ ජනතාව මත බදුබර පැටවුවොත් මොනවා වෙයිද කියලා අවධානමක් තියෙනවා. ජනතාවගෙන් මොන විදියේ උද්ඝෝෂණයක් එයිද කියලා අවධානම නිසා  දැන් සහන දෙනවා කියනවා. මේ සහන කියන්නෙම මායාවක්.

ගෑස් සිලින්ඩරයක් රුපියල් 25කින් අඩු කරලා තියෙන්නෙ. මාස දෙකතුනක් පාවිච්චි කරන එකකින් මාසෙකට කොච්චරද අඩු වෙන්නෙ? මුං ඇටවල මිල අඩුවෙලා තියෙන් රු15 පරිප්පු කිලෝව 10කින් අර්තාපල් හාල් මැස්සන් මිල අඩුවෙලා තියෙන්නෙ රු.5යි සීනිවල මිල අඩුවෙලා තියෙන්නෙ රු.2 සුළු ගණන්වලින් අඩුවෙලා තියෙන්නේ. ඒ නිසා මේක මායාවක්, බොරුවක්. මේ සහන ඔක්කොම එකතු කරලා බැලුවාම එකතුව  මාසේටම රු. 250ට වඩා අඩුයි.

වැට් බදු නිසා විශාල මිල වැඩිවීම් වෙනවා. දුරකථන ගාස්තු ඉහළ ගියා. බැංකුවක සල්ලි ගන්න ගියාම රුපියල් 10ක් ගන්නවා. ජනතාවගේ මුදල් කී සැරයක් උදුරගෙන තියෙනවාද? මාර්ග තදබදය වැනි හේතු නිසා පාරෙ යද්දි සුදු ඉර කැපුවාම ගහන දඩයත් වැඩි කරලා. මාර්ග නීති කැඩෙනවාට අවම දඩය රු. 2500ක් කරලා. ඒකෙන් පොලිසියට හොඳයි.
ඒ විතරක් නෙවෙයි, සහන කියලා දෙන ඒවත් ප‍්‍රශ්නකාරියි. ජනතාවගෙන් පොලීකරුවන් අසාධාරණ ලෙස පොලී අයකරලා සූරාකනවා කියලා උකස් කරුවන්ගේ වාර්ෂික ලියාපදිංචි ගාස්තු වැඩි කරලා. ඒකෙන් ජනතාවට සහනයක් නෑ. මේ ලක්ෂය ගන්්නෙත් උකසට සල්ලි ගන්න අයගෙන්. ඒක නියාමනය කරන ක‍්‍රමයක්නෙ අවශ්‍යය. තරුණයන්ගේ කුසලතා වර්ධනයට කියලා වෙන්කළ මුදලට සමාන රුපියල් මිලියන 250ක් ලබන අවුරුද්දෙ වෙසක් උත්සවයට වෙන් කරලා. අපි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේවට රැවටෙන්න එපා කියලා. බඩට ගහලා, තියෙන දේ ඔක්කොම උදුරාගෙන බදු ගහලා ඒ නිසා ඇතිවන පීඩාව නොදැනෙන්න වෙසක් කූඩු පෙන්නනවා වගේ වැඩක් මේ කරන්නෙ. ඒවට රැවටෙන්න එපා.
උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගනක ලබාදෙනවාලූ, ඒවා දුන්නට ඒවා පාවිච්චි කරන්න අන්තර්ජාල සේවා යොදා ගන්න වෙන්නෙ නැහැ. ඇයි ඒවාට බදු අයකරනවා. දෙන එවා අරන් ගිහිල්ලා පොළෙව ගහන්න තමයි වෙන්නේ.

මොකක්ද ආර්ථිකේට වෙන්නෙ. ආර්ථික උපායමාර්ගය මොකක්ද කියලා බලමු. ඒක තමයි වැදගත් වෙන්නෙ, රුපියලකින් දෙකකින් බඩු මිල අඩු කරන එක නෙවෙයි වැදගත්. මේ අපි කියන්නෙ පුංචි කාරණා කීපයක් විතරයි.

දැන් මිලියන් 100ක් හොයන්නෙ විකුණලා. රාජ්‍ය අංශය විසින් ආර්ථිකයට දායක කරන කොටස හකුළලා තියෙනවා. මිහින් එයා, ශී‍්‍ර ලංකන් ගුවන් සේවය පෞද්ගලික අංශයට දෙන්න එකතු කරලා තියෙනවා. තවදුරටත් රාජ්‍ය දේපළ විකුණනවා. තවත් එවැනි රාජ්‍ය දේපළ විකුණනවා.

රැකියා විරහිතයන් ගැන කිසිම සඳහනක් නැහැ.   අධ්‍යාපන අංශයේ  පුරප්පාඩු 32,000ක් තියෙනවා. ඒ කියන්නෙ අධ්‍යාපනය බරපතළ අනතුරක තියෙන්නෙ. එහෙමයි යන්නෙ. සංවර්ධන නිලධාරි පුරප්පාඩු 10,000ක් තියෙනවා. ඔක්කොම ගත්තම 45,000ක විතර පුරප්පාඩු තියෙනවා. ඒ අත්‍යවශ්‍ය පුරප්පාඩු පුරවන්නෙ නෑ. ඒ වෙනුවට උපාධිධාරින්ට ව්‍යාපාර කරන්න ලක්ෂ 15ක ණයක් දෙනවා. එතනට මිලියන 150යි වෙන් කරලා තියෙන්නේ. එතකොට එක් උපාධිධාරියෙකුට 1000යි දෙන්න වෙන්නෙ.

ලක්ෂ 4ක් උසස් පෙළ ලියනවා. ලක්ෂ දෙක හමාරක් ළමයි ගෙදර ඉන්නේ. ඒ සඳහා වෙන් කරලා තියෙන්නෙ මිලියන 25යි අවුරුද්දට රු. 100යි වෙන් කරලා තියෙන්නේ.
වැඩිහිට විශ‍්‍රාම වැටුප නැහැ. රාජ්‍ය සේවයට ඇතුල්වෙන අයට විශ‍්‍රාම වැටුපක් නැහැ. දායකත්ව විශ‍්‍රාම වැටුපක් තියෙනවා. ඒකාබද්ධ අරමුදලක් හදනවා කියලා ඊටීඑෆ්, ඊපීඑෆ් කපලා. පසුගිය රජය කාලේත් ඒ මුදලට අත තිබ්බා. රොෂේන් චානකලා ජීවිත පරිත්‍යග කරලා රැකගත්තේ.

රජයේ රෝහල්වල පෞද්ගලික අංශයේ මැදිහත් වීමේ ගෙවන වාට්ටු හදනවා. රජයේ රෝහල්වල ප‍්‍රතිකාර ගන්න ගිය ගමන් පෞද්ගලික අංශයේ රෝහල්වලට සල්ලි දෙන්න වෙනවා. එවගේ රසායනාගාර දාන්න දෙනවා. පෞද්ගලික අංශයේ එ්වායි රජයේ එ්වායි දෙකක් එකට තියෙන්නෙ කොහොමද? සෞඛ්‍ය රක්ෂණයක් දෙනවා කිව්වා. සෞඛ්‍යය, වෙළඳ භාණ්ඩයක් කිරීමේ වැඩපිළිවෙළ මේ කි‍්‍රයාත්මක වෙන්නෙ.

පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ඉඩ දෙනවා. එ්වට ඇතුල්වීමට තොරාගත් සිසුන්ට ණයක් දෙනව. නෙවිල් ප‍්‍රනාන්දුලාට උපාධියක් ලක්ෂ 120කට විකුණලා. සිසුන්ට ලක්ෂ 8ක් දෙනවා. ශී‍්‍රමත් ජොන් කොතලාවල ආරක්ෂක පීඨය මුදල් අය කිරීම අනියමින් සිද්ධ කරවා. හමුදාවට බැඳිමේ පදනමින් විශ්වවිද්‍යාලයට ඇතුල් කර ගන්නවා. හමුදාවට බැදුනේ නැත්නම් වන්දි ගෙවලා අයින් වෙන්න  ඕන. එතකොට නිල වශයෙන් ඒ ආයතනයක් පෞද්ගලික වෙලා. විශ්වවිද්‍යාලවල ප‍්‍රතිපාදන අඩු කරලා සිසුන් වැඩි කරනවා. බාහිර උපාධි සීමා කරනවා, රාති‍්‍ර 8ට 10 වෙනකම් දේශන තියෙන්නෙ මොකටද? සිසුන්ගේ වියදම් ලැයිස්තුව දෙන්න  ඕන. ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරුන්ගේ වියදම් ලැයිස්තුවත් අපට දෙන්න බලන්න. ජනාධිපතිගෙයි, අගමැතිගෙයි වියදම් වැඩිකර ගත්තනේ. මේවට සිසු අරගල කරන්න වෙනවා. ප‍්‍රශ්න හදලා අරගල කරනකොට ගහනවා. කලා විෂයන් වෙළඳපොළට ගැලපෙන ලෙස ඇතුල් කරනවා.

ඉඩම් අක්කර 2000ක් වෙන් කරනවා වාණිජ ගොවින්ට. වාණිජ ගොවින් කියන්නෙ කවුද? හෙලිස්, ෙමාන්සැන්ෙටා්, ෙබ්යර් සමාගම් අයිති මුදලාලිලාට. ඒ ඉඩම් දෙන්නෙත් බහුජාතික සමාගම්වලට. සාමාන්‍ය මිනිස්සු කොච්චර ඉන්නවාද පර්චස් 6ක් ගන්න බැරුව. කොළඹ කීදෙනෙක් කුලි නිවාසවල ඉන්නවාද? ධනපතියන්ගේ වාහන මිල අඩුකරනවා. පොදු ජනතාවගේ වාහන මිල වැඩි කරනවා. ලංකාවේ නම ප‍්‍රවර්ධනයට මිලියන 1000ක් දාලා. ලංකාවේ නම කාලා ඒකට සල්ලි වෙන් කරනවා.

කුමාර් ගුණරත්නම් සහෝදරයට මාසයක්වත් වීසා දුන්නේ නැහැ. ධනපතියන්ට මේ රටේ ව්‍යාපාර කරන්න වීසා දෙනවා. එෆ්සීඑස්ඞී බැංකුවට ප‍්‍රවර්ධනයට පර්පෙචුවල් සමාගමට රු.මිලියන 7.5ක්. වෙන් කරනවා ලාභ ප‍්‍රවර්ධනයට.  හිතවතුන්ට, ඥාතින්ට ලොකු හැන්දේන් බෙදලා පොඩි අයට කන් හැන්දෙන් බෙදනවා.”

පසුගිය අයවැය තුළින් ෙගන අා අැතැම් ෙයා්ජනා ජනතා විෙරා්ධය මැද හකුලාගන්නට අාණ්ඩුවට සිදු වූ බව සිහිපත් කළ පුබුදු ජයගාඩ,ෙමම අයවැය විනාශකාරී ඒකක් බැවින් ඒය පරාජය කිරීමට ජනතාව සංවිධානය කරන බවද සදහන් කෙල්ය. ඒෙස්ම වැව මැද පිහිටි භූත බංගලාවදි අයවැය දිනුවත් ඉන් පිටත ජනතාව ඒ්කරාශි වී ෙමම ජනතා විෙරා්ධී අයවැය පරාජය කිරීමට ඒ්කරාශිවන ෙලස ඔහු වෘත්තිය සමිති හා වැඩ කරන ජනතාවටත්, ශිෂ්‍ය, ෙගාවි හා කාන්තා අාදී බලෙව්ගවලටත් අාරාධනා ක ෙළ්ය.

Leave a Reply