එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව මේ වනවිට නම් කර තිබේ. මෙවර මැතිවරණයට ඉදිරිපත්වී පරාජය වූ මෛත්රී හිතවාදීන් ගණනාවකට ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ඇතුළු වීමේ අවස්තාව ලැබී තිබේ.ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ වැනි වාමාංශික පක්ෂ නායකයන්ද ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායකද රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස් ආදීන්ද නව ලැයිස්තුවෙන් ඉවත් වී ඇත. ලංකා වීව්ස් වෙත වාර්තා වන ආකාරයට එම ලැයිස්තුව මෙසේය.
සරත් අමුණුගම,
ඩිලාන් පෙරේරා,
විජිත් විජිතමුණි සොයිසා,
එස් බී දිසානායක,
මහින්ද සමරසිංහ,
ලක්ෂ්මන් යාපා අබේවර්ධන,
තිලංග සුමතිපාල,
අංගජන් රාමනාදන්,
එම් එල් ඒ එම් හිස්බුල්ලා,
මලිත් ජයතිලක,
ෆයිසර් මුස්තාපා,
ඒ එච් එම් ෆවුසි
මැතිවරණයට පෙර මැතිවරණ කොමසාරිස්ට බාර දුන් සන්ධාන ජාතික ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරු 11ක් දෙනෙක්ගේ නම් ඇතුළත් වූහ.
ඒ එච් එම් ෆවුසි, මහාචාර්ය ජී එල් පීරිස්, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමුණුගම, තිස්ස අත්තනායක, ඩිලාන් පෙරේරා, ජේ ශ්රී රංගා, රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස්, ප්රභා ගනේෂන්, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහාචාර්ය රජීව් විජේසිංහ සහ පියසිරි විජේනායක ඔවුහුය.