ඇමැති ධුර ගැන ජනපති – අගමැති සාකච්ඡාවක 

ranilmeithri 1

ජාතික ආණ්ඩුව තුළ අමාත්‍ය ධූර බෙදි යන්නේ කෙසේදැයි තීරණය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අද දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වේ.

මෙතෙක් එක්සත් ජාතික පක්‍ෂයෙන් හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අමාත්‍ය ධුර බෙදීයාම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. මේ අතර ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අමාත්‍යධූර 50 ඉක්මවා යනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබිණි. ඉන් 33කට ආසන්න සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්‍ෂයට ද 17ක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ද හිමිවීමට නියමිතය.

මීට අමතරව රාජ්‍ය අමාත්‍ය ධූර 07ක් ද නියෝජ්‍ය අමාත්‍ය ධූර 15ක් ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමිවනු ඇති බවට මාධ්‍ය වාර්තා පළවී තිබේ.  ජාතික ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ දිවුරුම් දෙනු ඇති බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණි.

Leave a Reply